ඇතැම් කන්නවල ආණ්ඩුව  වී ඇටයක්වත් මිලට ගෙන නෑ

75

වී අලෙවි මණ්ඩලය විසින් 2016 වසරෙන් පසු ඇතැම් කන්නවල වී ඇටයක්වත් මිල දී ගෙන නැති අවස්ථාත් වාර්තා වී තිබෙනවා යැයි කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා පවසයි.

වී අලෙවි මණ්ඩලය විසින් 2016 වසරෙන් පසු සමහර යල කන්නවල දී වී මෙටි්‍රක් ටොන් 3000කට වඩා වැඩිපුර වී මිල දී ගෙන නැහැ. සාමාන්‍යයෙන් යල කන්නයේ දී මිල දී ගෙන තිබෙන්නේ වී මෙටි්‍රක් ටොන් 2000-3000ත් අතර ප්‍රමාණයක්. නමුත් 2022 යල කන්නයේ දී වී මෙටි්‍රක් ටොන් 7000 ඉක්මවා වී මිල දී ගන්නට හැකිවුණා යැයි ද ඇමැතිවරයා සඳහන් කරයි.

තමා පසුගිය වසර පහක දත්ත සොයා බැලූ බවත් ඒ අනුව 2016-/ 17 යල හා මහ කන්න දෙකේම වී ඇටයක්වත් මිල දී ගෙන නැති බවත් 2018 යල කන්නයේ වී මෙටි්‍රක් ටොන් 2082ක් මිල දී ගත්තත් 2019 යල කන්නයේ වී මිල දී ගෙන නැති බවත් හෙතෙම පවසයි. 2020 යල කන්නයේ වී මෙටි්‍රක් ටොන් 3082ක් මිල දී ගෙන ඇති බවත් ගොවීන් විසින් වගා කරන වීවලින් සියයට සියයක්ම වී අලෙවි මණ්ඩලය මිල දී ගන්නේ නැති බවත් සමස්ත වී අස්වැන්නෙන් සියයට 02ත් – 10ත් අතර ප්‍රමාණයක් පමණක් මිල දී ගන්නා බවත් අමරවීර මහතා සඳහන් කරයි.

අමාත්‍ය මණ්ඩල අනුමැතිය පරිදි අදාළ රාජ්‍ය බැංකු දෙක විසින් රුපියල් බිලියන දෙකක ණය මුදලක් වී අලෙවි මණ්ඩලයට ලබා දුන්නා නම් අඩු තරමින් මෙටි්‍රක් ටොන් 30,000ක් මිල දී ගැනීමට සැලසුම් කර තිබූ බවත් වී මිල දී ගැනීම සඳහා වැය කළේ වී අලෙවි මණ්ඩලය සතු මුදල් බවත් ඇමැතිවරයා පවසයි.

උපාලි ද සේරම්
 

advertistmentadvertistment
advertistmentadvertistment