ඇතැම් වෛද්‍යවරුන් කොරෝනාවට මුවාවී රෝගීන් රවටන බවට දඹුල්ල සහ ගලේවෙලින් චෝදනා

322

කොරෝනා රෝගයට මුවාවී ගලේවෙල හා දඹුල්ල ප‍්‍රදේශවල රජයේ හා පුද්ගලික ආයතනවල සේවය කරන ඇතැම් වෛද්‍යවරුන් තමන් නිසිලෙස පරීක්ෂාවට ලක් නොකරන බව රෝගීහු පවසති.

මෙහි විශේෂත්වය වන්නේ පුද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානවලද මේ තත්ත්වය දක්නට ලැබීමයි. එහිදී රුපියල් 1,500/- ක් ලබාගෙන තමන් පරීක්ෂාවට ලක්කරද්දී රෝගියා නිසි ලෙස පරීක්ෂා කිරීමක් නොකරන බව ඔවුහු පවසති. ඇතැම් වෛද්‍යවරියන් රෝගියාගේ රුධිර පීඩනය පවා පරීක්ෂා නොකරන බවට රෝගීහු චෝදනා කරති. ඇතැම් වෛද්‍යවරුන් රෝගියාට මීටර් තුන හතරක දුරින් සිට ප‍්‍රතිකාර නියම කරන බව ඔවුහු පවසති. මේනිසා තමන්ගේ රෝගය නිසිලෙස හඳුනාගැනීමෙන් තොරව කරන ප‍්‍රතිකාර නිසා අතුරු ආබාධ ඇතිවිය හැකි බවට රෝගීහු බිය පළ කරති. ඒ නිසා තමන් දැනට පත්වී ඇති දුෂ්කරතාව තේරුම් ගෙන ඊට නිසි පිළියම් යොදන ලෙසට රෝගීහු අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.

 ගලේවෙල විශේෂ

advertistmentadvertistment
advertistmentadvertistment