ඇතැමුන් මිලිටරි පාලනයක් ඉල්ලනවා – සෞභාග්‍යයේ දැක්මේ සඳහන් විප්ලවීය වෙනස අනිවාර්යයෙන්ම කරනවා – ජනපති මණ්ඩාඩුවේදී කියයි

185

ඇතැම් දෙනා තමාගෙන් මිලිටරි පාලනයක් බලාපොරොත්තු වන බවත්, අවශ්‍ය නම් එවැනි පාලනයක් ක‍්‍රියාත්මක කර ගොවීන් බෙල්ලෙන් අල්ලා කුඹුරට ගෙන ගොස් කාබනික පොහොර වගාවේ යෙදෙන ලෙස පැවසිය හැකි නමුත් අප රට ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක් බැවින් එසේ කළ නොහැකි බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.

 වැඩ නිම කළ මාර්ග 1500ක් එකම දිනකදී ජනතා අයිතියට පත්කිරීම වෙනුවෙන් මණ්ඩාඩුව මහජන ක‍්‍රීඩාංගණයේ පෙරේදා (06දා) පස්වරුවේ පැවති උත්සවය අමතමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය. 69 ලක්ෂයක් ජනතාව ඡුන්දය දුන්නේ තමාගේ මුහුණට නොව තමා ඉදිරිපත් කළ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයට බව පැවසූ ජනාධිපතිවරයා එම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයේ ඇති පොරොන්දු ක‍්‍රියාත්මක කරන විට පිරිසක් විරෝධය පළ කරන බව ද කීවේය.

 තමා බලයට පැමිණි පසු මිලිටරි පාලනයක් ඇතිවේ යැයි ද ඉන් රට තුළ ජනතාවගේ මානව හිමිකම් කඩවේයැයි ද ජනාධිපතිවරණ සමයේ පැවසූ අය දැන් තමාගෙන් මිලිටරි පාලනයක් ඉල්ලා සිටින බවද ජනාධිපතිවරයා සඳහන් කළේය. මේ වන විට රජය මානව හිමිකම් චෝදනා සම්බන්ධව ජිනීවා මානව හිමිකම් කොමිසම හමුවේ පෙනී සිටින බවත් තමා නිතරම කටයුතු කරන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයට අනුව බවත් ජනාධිපතිවරයා පැවසීය.

 ‘සෞභාග්‍යයේ දැක්ම’ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයෙන් සඳහන් කළ විප්ලවීය වෙනස නියත වශයෙන්ම කරන බව ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කළේය. ජනතාව ඉල්ලා සිටියේ විප්ලවීය වෙනසකි. එය සිදු කිරීමේදී අපහසුතා සහ බාධකවලට මුහුණදීමට සිදු වේ. එහෙත් එම අභියෝගය ජය ගැනීමට කැපවීමෙන් ක‍්‍රියා කරන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

 ලෝකයේ සෙසු රටවලට මෙන්ම ශ‍්‍රී ලංකාවට ද කොවිඞ් වසංගතයට මුහුණ දීමට සිදු විය. වැටී තිබූ ආර්ථිකයක් හමුවේ හඳුනා නොගත් වසංගතයක් සමග දැවැන්ත අභියෝගයකට මුහුණ දෙමින් ජනතාවගේ ජීවිතාරක්ෂාව වෙනුවෙන් සැලසුම් රැුසක් ක‍්‍රියාත්මක කෙරිණ. එහිදී තමා දුන් පොරොන්දු එලෙසින්ම ඉටු කිරීමට නොහැකි විය. එහෙත් එහි කිසිදු අඩුවක් නොතබා ජනතාව තමා කෙරෙහි තැබූ විශ්වාසය ආරක්ෂා කරන බව ජනාධිපතිවරයා පැවසීය.

 කොවිඞ් වසංගතය හේතුවෙන් සංචාරක කර්මාන්තය බිඳ වැටිණ. ඉන් අහිමි වූ ඝෘජු සහ වක‍්‍ර රැුකියා සංඛ්‍යාව මිලියන 03කට ආසන්න වේ. එක්ලක්ෂ පනස්දහසකට අධික පිරිසකට විදේශ රැුකියා අවස්ථා අහිමි වූ අතර ඉහළම සිට පහළම ව්‍යාපාරිකයා දක්වා සියලූ දෙනාගේ ආර්ථිකයට බාධා එල්ල විය. මේ සමග ඇති වූ දැවැන්ත ආර්ථික බිඳ වැටීම මත වුවද රජය සංවර්ධන කටයුතු අඛණ්ඩව සිදු කළේය. සියලූම රාජ්‍ය සේවකයන්ට නියමිත දිනට වැටුප් ගෙවනු ලැබිණ. ඩොලර් මිලියන 04ක් වූ විදේශ ණය වාරික නියමිත පරිදි ගෙවීමට පියවර ගත්තේය. කොවිඞ් රෝගී පවුල් වෙනුවෙන් සහ නිරෝධායනයට ලක් වූ සියලූදෙනා වෙනුවෙන් ආධාර මුදල් සැපයීය. වීවලට සහතික මිලක් ලබාදීමට කටයුතු කෙරිණ. මේ සියල්ල සිදු කිරීමට වූයේ දැවැන්ත ආර්ථික අර්බුද හමුවේ බව ජනාධිපතිවරයා සිහිපත් කළේය.

 කාබනික වගාව මෙන්ම පුනර්ජනනීය බලශක්ති උත්පාදනය සඳහා වූ වෙනස ඉටු කිරීමට කිසි විටෙකත් පසු නොබසින බවද ජනාධිපතිවරයා පැවසීය. මුං, කව්පි, උදු, කහ ඇතුළු බෝග 16 ක් ආනයනය කිරීම සම්පූර්ණයෙන් නතර කෙරිණ. අද එහි ප‍්‍රතිඵල ගොවීහු භූක්තිවිඳිමින් සිටිති. කුරුඳු, ගම්මිරිස්, කහ සඳහා ඉහළ මිලක් ගොවියාට ලැබෙමින් පවතී. ගොවියාගේ අතට ලැබෙන එම ආදායම අඩු නොකිරීමටත්, පාරිභෝගිකයාව ආරක්ෂා කිරීමටත් පියවර ගන්නා බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.

 මෙම තත්ත්වය අවබෝධ කරගෙන හරිත කෘෂි අභියෝගය ජය ගැනීමට එක්වන්නැයි සියලූ ගොවි ජනතාවගෙන් ඉල්ලා සිටි ජනාධිපතිවරයා ගොවීන්ට හෝ ජනතාවට බලපෑම් කර එම වෙනස සිදු කිරීමට තමා අපේක්ෂා නොකරන බව ද කීවේය.

 තමා බලයට පත්වීමත් සමග තරුණයන් තාප්පවල චිත‍්‍ර ඇඳ වෙනසට මුලපිරූහ. තවත් පිරිසක් පුරන් කුඹුරු අස්වැද්¥හ. එදා තැබූ විශ්වාසය සමග විප්ලවීය වෙනස වෙනුවෙන් යළි ඉදිරියට පැමිණෙන ලෙස ජනාධිපතිවරයා මේ සියලූදෙනාට ආරාධනා කළේය.

 ‘සෞභාග්‍යයේ දැක්ම’ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය අනුව දිවයින පුරා මාර්ග කිලෝමීටර් ලක්ෂයක් කාපට් අතුරා සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය එදින ආරම්භ කෙරුණු අතර ඒ යටතේ වැඩ නිමකළ මාර්ග 1500ක් එකම දිනකදී ජනතා අයිතියට පත්කිරීම සනිටුහන් කරමින් මීගස්ආර, කුඩාබුබුල, කපුවත්ත මාර්ගය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා අතින් ජනතා අයිතියට පත් කෙරිණි.

 කොවිඞ් වසංගතය හමුවේ සංවර්ධන ව්‍යාපෘතිවල වැඩ නවතා දැමුවේ නම් අද මෙලෙස මාර්ග 1500ක් විවෘත කිරීමට නොහැකි වන බව අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී සඳහන් කළේය. මාර්ග කි. මී. ලක්ෂයක් සංවර්ධනය කිරීමේ වැඩසටහනේ දී ග‍්‍රාමීය හා වතු මාර්ග සඳහා ප‍්‍රමුඛතාව ලබාදී ඇතැයි පෙන්වා දුන් අගමැතිවරයා රට ගොඩනැගීමට ග‍්‍රාමීය මාර්ග පද්ධතිය සංවර්ධනය විය යුතු බව පැවසීය.

 කුලූනු මතින් ඉදිවන කැලණිය නව ගුවන් පාලම සහ මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදියර මේ වසර අවසන් වන විට ජනතා අයිතියට පත් කරන බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා සඳහන් කළේය.

 කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යවරුන්, දකුණු පළාත් ආණ්ඩුකාරවරයා, පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්, ලෝක බැංකුවේ විදේශ නියෝජිතයන්, අමාත්‍යාංශ ලේකම්වරුන් සහ නිලධාරීන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්වූහ.

advertistmentadvertistment
advertistmentadvertistment