ඇතුළත ගිනි

147

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී රිෂාඞ් බදියුදීන් ගේ නිවසේ රඳවාගෙන සිටි බාල වයස්කාර මෙහෙකාරියක් මීට දින දහයකට පමණ පෙර පිළිස්සුම් තුවාල සහිතව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන ලදුව ඉකුත් බ‍්‍රහස්පතින්දා මිය ගියාය. ඇය දහසය හැවිරිදි දෙමළ දැරියකි. හැටන් ප‍්‍රදේශයේ පදිංචිව සිටියදී මෙයට අට මාසයකට පෙර බදියුදීන් ගේ නිවසට ගෙනෙනු ලැබුවාය. ඇය නවාතැන් ගෙන සිටියේ බදියුදීන් ගේ ගෙදර කුස්සියට ආසන්න කාමරයකය. ඇය ඇඟට ගිනි ඇවිලී හෝ ගිනි තබාගෙන හෝ වෙනත් කිසිවකු විසින් සිරුරට ගිනි තබනු ලදුව කාමරයෙන් පිටතට දිව එද්දී නිවැසියන්ට හමුවිය. මරණ පරීක්ෂණයේදී හෙළිදරව් වූයේ දැරිය දිගු කලක් තිස්සේ දූෂණයට ලක්වී ඇති බවය. දැරිය බාල වයස්කාරියක නිසා ඇය සමග ඇගේ කැමැත්ත නැතිව කෙරෙන
 
 ලිංගික ක‍්‍රියා මෙන්ම ඇගේ කැමැත්ත ඇතිව කෙරෙන  ලිංගික ක‍්‍රියා ද ස්ත‍්‍රී දූෂණ කැටගරියට වැටේ. මෙහිදී අපි නැවත වතාවක් පෙර සඳහන් කළ කාරණයත් මතක් කරමු. එනම් එක්කෝ දැරියගේ ඇඟට ගිනි අවිලින. නොඑසේ නම් ඇය ගිනි තබා ගත්තාය. ඒ දෙකම නොවේ නම් තුන්වෙනි පාර්ශ්වයක් ඇයට ගිනි තබන ලදී. මේ සිද්ධියේදී ගෙදර අයිතිකාරයා වන රිෂාඞ් බදියුදීන් මෙකී අපරාධ කාර්යයෙන් තාවකාලිකව ඉවත් කරනු ලැබේ. එයට හේතුව පාස්කු බෝම්බය සම්බන්ධයෙන් ප‍්‍රශ්න කිරීම සඳහා මීට දෙමසකට පෙර අත්අඩංගුවට ගත් බදියුදීන් සහෝදරයා තවමත් සී අයි ඞී ය තුළ රඳවාගෙන සිටීමය. එහෙත් බාල වයස්කාර දැරියක් සිය නිවසේ මෙහෙකාරකමට යෙදවීම සම්බන්ධයෙන් ගෘහ මූලිකයා වශයෙන් බදියුදීන් ට ගැලවීමක් නැත. කරුණු හරියටම සෙට් උනොත් පාස්කු බෝම්බය සම්බන්ධයෙන් ද ඔහුට ගැලවීමක් නැති බව පෙනේ. එක් පාස්කු බෝම්බකරයෙක් සමග බදියුදීන් ට කිට්ටු සම්බන්ධකම් තිබිණ. යහ පාලන ආණ්ඩුව පැවති කාලයේදී සිය අමාත්‍යංශය හරහා එකී බෝම්බකාරයාට තඹ ලබා දීමට බදියුදීන් කටයුතු කර ඇත. රිෂාඞ් බදියුදීන් යනු වැඩි මනත් ඉතිහාසයක් ඇති දේශපාලන සහෝදරයෙක් නොවේ. ඔහු දේශපාලනයට එන්නේ රාජපක්ෂවරුන්ගේ ඇඟිල්ලේ එල්ලී ගෙනය. එදා යම් හෙයකින් බැසිල් රාජපක්‍ෂ සිය අත ගසා දැමුවේනම් බදියුදීන් ස්ථිර වශයෙන්ම කලවංචිකුඩඩියට හෝ කාත්තන්කුඩියට විසිවන්නේය. එසේ ආ ගමනේදී ඇමැති තනතුරක් දක්වා උසස්වීමක් ලද ඔහු 2015 දී රාජපක්ෂවරුන් පැරදුනු වහාම ඔවුන් අතහැර අනෙක් පැත්තට ගියේය. මෙය ශ‍්‍රී ලංකාවේ සුළු ජාතික දේශපාලනයේ ස්වභාවයයි. බලයේ සිටින පක්ෂයට සෙට් වී තමන්ගේ මිනිසුන්ට වැඩක් කරනු මිස පොදුවේ රට ගැන සිතා කටයුතු කිරීමට පවතින ගඳ ගහන දේශපාලන කර්මාන්තය තුළ සුළු ජාතීන්ට ඉඩක් නැත. 2015 දී බදියුදීන් යහපාලන ආණ්ඩුවට ජැක් නොගැසුවේ නම් ඔහු හිරේ යෑමට නියමිතව තිබුණේ ඒ කාලයේදීමය. මෙහිදී තමන්ගේ මිනිසුන්ට වැඩක් කිරීමය යන්න මේ ආකාරයෙන් අර්ථ නිරූපණය කරමු. බදියුදීන් සිය දේශපාලන කර්මාන්තය තුළදී නීති විරෝධී ලෙස කැලෑ එළිකර මුස්ලිම් මිනිස්සුන්ට ජනපද සැදීම සඳහා ඉඩම් ලබා දුන්නේය. ඔහු තඹ ලබාදුන් පාස්කු බෝම්බකාරයාද ඉස්ලාමීයයෙකි. ඔහුගේ අමාත්‍යාංශයේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ සිටි වැඩිහරිය ඉස්ලාමීයයෝය. තොන්ඩමන් ලා වැඩ කළේත් සුමන්තිරන් ලා වැඩ කරන්නේත් මේ පදනම උඩය. කව්රු කොහොම කිව්වත් සුළු ජාතික දේශපාලනය ස්ථිර වශයෙන්ම ජාතිවාදී ය. එසේ නොවී එය කරන්නටත් බැරිය.
 
 අප නැවතත් කතා කරන්නේ බදියුදීන්ගේ, ගේ ඇතුළේදි දූෂණයට ලක්වී, පිළිස්සී මහා රෝහලේදී මිය ගිය දෙමළ දැරිය ගැනය. ඇය සිය කාමරය තුළ විශාල ගින්නක් තබාගෙන මාස ගණනාවක් සිටි බව පෙනේ. ඇය රෝහලට ඇතුළත් කර ඇත්තේ ඒ ඇතුළත ගිනි පිටතට විහිදුනු අවස්ථාවේදීය. මෙබඳු ගිනි ජාලාවල වෙලී සිටින දහස් ගණන් බාල වයස්කාර දැරියෝ මේ රටේ සිටිති. නාවලපිටියේ ඉලූක්තැන්නේදී සිය පියා ඇතුළු තවත් පුද්ගලයන් දස දෙනකු අතින් විටින් විට දූෂණය වුණු දහතුන් හැවිරිදි දැරියක් ගැන ශෝකජනක පුවතක් ප‍්‍රසිද්ධියට පත්ව ඇත. මේ සම්බන්ධයෙන් සැකකරුවන් දහ දෙනෙක් පොලිසියට අවශ්‍ය වී ඇත. මේ සියලූම දෙනා කර ඇඹිය යුතු බව අපගේ වැටහීමය. මේ දැරිය සිය හදවත ඇතුලේ කවර නම් ගින්දරක් දරාගෙන සිටින්නට ඇත්ද? ඒ කතාව හෙට කියවමු.
 
 අනේ සරත් කට පියාගෙන ඉන්න
 
 මෙරට වයස අවුරුදු දහ අට ඉක්මවූ අයට හමුදා කඳවුරු තුළදී පුහුණුවක් දිය යුතු බව මහජන ආරක්ෂාව පිළිබඳ ඇමැති සරත් වීරසේකර කියා ඇත. පානදුර අළුබෝමුල්ලේ උත්සවයකදී ඔහු සිය වගකීමක් නැති කට මේ ආකාරයෙන් විවෘත කර ඇත. දහ අටට වැඩි අයට හමුදා පුහුණුව දීම කළ යුතු වෙලාවට කළ යුතු දෙයක් මිස විරිදුවක් මෙන් තැන තැන ගායනා කළ යුතු දෙයක් නොවේ. ජනතාවට හමුදා පුහුණුව යන ශීර්ෂ පාඨයත් සමගම විරුද්ධ පක්ෂය පිංතාරු කරන්නේ මිලිටරි ආණ්ඩුවක් පිළිබඳ චිත‍්‍රයකි. එමගින් අනවශ්‍ය සංවාද ඇතිවී පියුමි හංසමාලි ගෙන් කෑ මඩට වැඩි මඩක් කෑමට සරත් වීරසේකරට සිදුවනවා ඇත. ඒ නිසා අනේ සරත් කටපියාගෙන ඉන්න. කරන වෙලාවට වැඬේ කරන්න.

advertistmentadvertistment
advertistmentadvertistment