ඇතුළේ ඉන්දැද්දි තිරගත කරලා මම කවුද කියලා පෙන්වන්න – රන්ජන් කියයි

366

රට හමුවේ දැවැන්ත අර්බුදයක් මේ මොහොත වන විට පවතිනවා. තැන තැන දිගු තෙල් පෝලිම්” ගෑස් පෝලිම් වගේම විදුලිය විසන්ධිවීම්. මේ නිසාම රටේ සෑම ක්‍ෂේත්‍රයක්ම අකර්මණ්‍ය වෙලා. මේ නිසා ඇත්තටම විනෝදාස්වාදයට අපේ රටේ මිනිස්සු යොමුවෙනවාද?. මේ වගේ වෙලාවක සිනමාහලකට චිත්‍රපටයක් තිරගත වෙන්න දැම්මොත් මොනවා වෙයිද?. ඒ අභියෝගය සියතට ගනිමින් අධ්‍යක්ෂ සුරංග ද අල්විස් රන්ජන් රාමනායක රඟන ද ගේම් චිත්‍රපටය පසුගිය සතියේ තිරගත කළා. මේ වෙනකොට ඇත්තටම ද ගේම් චිත්‍රපටයට මේ ගේම ජයගන්න පුළුවන්වෙලා තියෙනවාද?. සුරංග ද අල්විස්ගෙන් අපි අහපු ප්‍රශ්නයට ලැබුණේ මේ වගේ උත්තරයක්.


 කොරෝනා වසංගතයෙන් පස්සෙ චිත්‍රපටයක් දින තුනකදී ඉපැයූ වැඩිම ආදායම මේ වන විට ‘ද ගේම්. චිත්‍රපටය විසින් උපයාගෙන තියෙනව. දින තුනකට ප්‍රේක්‍ෂකයන් දසදහසකට ආසන්න පිරිසක් විසින් චිත්‍රපටය නරඹල තියෙනව. රන්ජන් සිරගතවීමත් සමග මිනිසුන් තුළ ඇතිවෙලා තියෙන වේදනාව වගේම කාලෙකින් ඔහුගේ චිත්‍රපටයක් තිරගතවීමත් මේකට හේතුවෙලා ඇති කියල මම හිතනව. ‘ද ගේම්. ධාවන කාලය පැය දෙකයි විනාඩි පනහක්. නමුත් එක දිගට රසවිඳින්න පුළුවන් චිත්‍රපටයක් කියල මේ වන විට ඒක නරඹපු ප්‍රේක්‍ෂකයන් අපිට කියනව.

ඇතුළේ ඉන්දැද්දි තිරගත කරලා මම කවුද කියලා පෙන්වන්න -  රන්ජන් කියයි



 චිත්‍රපටය තිරගත වෙන අවස්ථාවක මගේ ඇස් දෙකන්ම මම දැක්ක ප්‍රේක්‍ෂකයන් උඩ පැන පැන අත්පුඩි ගහන හැටි. විසිල් ගහන හැටි. පුටුවලට ගහන හැටි. නැවතත් ඒ තත්ත්වයට සිනමාව ගේන්න පුළුවන් වුණ එක ගැන ඇත්තටම මට සතුටුයි.

 අපි හැමදාමත් අර්බුදවලට මුහුණ දුන්න ජාතියක්. ඒ වගේම අපේ පරම්පරාව හැදාමත් ජ්‍යෙෂ්ඨයන්ගෙන් බැට කෑව. ඒක අපි පිළිගන්න ඕන. රන්ජන්ගෙ වචනවලින් කියනවනම් ඒක තමයි තිත්ත ඇත්ත. නමුත් ජ්‍යෙෂ්ඨයන්ට මොකද වුණේ කියල පසුගිය දෙසැම්බර් මාසයේදි අපි දැක්ක. ඒකෙන් අපි පහත් ආසාවක් සංසිඳුවා ගන්නව නෙමෙයි” නමුත් අපි හැම වෙලාවෙම දැනගන්න ඕන රසිකයන්ට අවශ්‍ය දේ කරන්න. රංජන් රාමනායක වුණත් වෙන චිත්‍රපටයක රඟපෑවා නම්” වෙන කලා කෘතියක රඟපෑවා නම්” එහෙමත් නැත්නම් ගුණාත්මක භාවයෙන් අඩු චිත්‍රපටයක රඟපෑවා නම් ඒවා ප්‍රේක්‍ෂකයො

 වැළඳගන්න එකක් නැහැ. ඒ නිසා මම හිතනව රට තුළ ලොකු ප්‍රශ්නයක් ඇකි නොවුණොත් පළමු වැනි දින දහය සම්පූර්ණ වන විට විශාල ප්‍රේක්‍ෂක පිරිසක් සිනමා ශාලාවලට එකතු වේවි කියල. මේ බව දැනගත්තාම රන්ජන් අයියත් බොහොම සතුටු වුණා සහ අපිට පුළුවන් වුණා මේ ගැන අදහස් උදහස් හුවමාරු කරගන්න. හිර ගෙදර හිටියත් ඔහු ඉන්නෙ මේ ගැන හොඳ අවධානෙකින්. ඔහු මුල ඉඳන්ම මට කිව්වෙ මං ආවොත් ඔයාට ගොඩක් උදව් කරන්න පුළුවන් වෙයි” නමුත් දැන් කරන්න දෙයක් නෑ මම ඇතුළෙ ඉඳිද්දිම චිත්‍රපටය තිරගත කරල මම කවුද කියල මිනිස්සුන්ට පෙන්නන්න කියල.

 මේ චිත්‍රපටය රූගත කරන කාලෙ ඉඳන්ම කොඩ උඩ යන්න තිබුණ අවස්ථා කිහිපයක්ම මගහැරුණ. නමුත් රන්ජන් අවුරුදු හතරකට හිරේ යන්නෙ චිත්‍රපටයේ වැඩ සම්පූර්ණයෙන්ම අවසන් කරල.

 බාහිර බලපෑමක්” කලකෝලාහලයක් හෝ වෙනත් ප්‍රබල චිත්‍රපටයක් කරළියට ආවොත් හැරෙන්න ප්‍රේක්‍ෂකයන් දැන් මේක ඇති කියන තැනට එනතුරු ‘ද ගේම්. සිනමා ශාලා තුළ තියේවි. ඒ වගේම මණ්ඩල සියල්ලම මේ වෙලාවෙ කිසිම අධ්‍යක්‍ෂවරයකුට නොදුන්න අවස්ථාවක් මට දීල තියෙනව. ඒ ගැන මම හිස නමා ආචාර කරනව.

 අපිට දැන් තියෙන ලොකුම අර්බුදය වෙන්නෙ ඉන්ධන. චිත්‍රපටයේ ප්‍රවර්ධන කටයුතු වලට ඒක තදින්ම බලපානව. එහෙම නොවුණා නම් ‘ද ගේම්. මේ ගේම කුඩුවෙන්නම ගහනව.



 මහේෂ් එදිරිසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment