ඇදිරිය මැද්දේ මත්පැන්හල් විවෘත කිරීම ගැටලූකාරීයි – ශ‍්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ

308

කුලියාපිටිය උපේන්ද්‍ර සේරසිංහ සියලූම සෞඛ්‍ය උපදෙස් බැහැර කරමින් මත්පැන්හල් විවෘත කිරීමට අවසර ලබාදීමෙන් මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් මෙන්ම පොලිසියද මහත් අසීරුතාවට පත්ව සිටින අයුරු දැකගත හැකිවූ බව ශ‍්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසීය.

 මාධ්‍යවේදීන් නැගූ පැනයකට පිළිතුරු සපයමින් මත්පැන් හල් හදිසියේ විවෘත කිරීම පිළිබ`ද අදහස් දක්වමින් එ් මහතා එහිදී මෙසේද පැවසීය. ජනතාව කිසිදු දුරස්ථභාවයකින් තොරව මත්පැන් හල් වටා එක් රොක් විී සිටිනු දැකගත හැකිවීම දැඩි කනස්සල්ලට කරුණකි. ඇ`දිරි නීතිය ක‍්‍රියාත්මක වෙමින් තිබියදී හදිසියේ මත් පැන්හල් විවෘත කළේ ඇයි කියන ගැටලූව අපටත් තියනවා. ඉන් මේ වනවිටත් ප‍්‍රශ්න රැුසක් පැනනැගිලා තියනවා. දැනටමත් විවිධ වෙළෙ`ද සංගම් හර්තාල් කරනවා අත්‍යාවශ්‍ය එළවළු සිල්ලර ආදිය අලෙවියට මුළුමනින් ඉඩ ලබාදෙනු වෙනුවට බාර් විවෘත කිරීමට ඉඩදීම පිළිබ`දව ඔවුන් අපට යොමුකරන ප‍්‍රශ්නවලට පිළිතුරු නැහැ. ඇතැම් ප‍්‍රදේශවල එ් හේතුවෙන් යම් යම් ගැටුම් පවා නිර්මාණය වූ බවට තොරතුරු ලැබුණා.

 එ් වගේමයි ඇ`දිරිනීතිය ක‍්‍රියාත්මක කරවන ආරක්‍ෂක අංශ පවා මේ තීරණ නිසා දැඩි අපහසුතාවට පත්ව තිබුණා. රට වටේම ඉන්න සෞඛ්‍ය පරීක්‍ෂක මහත්වරුත් අපිට කථා කළා. කොවිඞ් 19 පාලන රාජකාරියේ යෙදීසිටින නිලධාරීන් අර්බුදකාරී තත්වයකට පත්වුණා. මහජනතාවත් මහමග නිරන්තරයෙන් ගමන් ගන්නවා. අපිට එය වළක්වාලන්නට අපහසුයි මත්පැන්හල් විවෘත කර තිබෙන නිසා. ඔවුන් පැවසුවහොත් තමන් ගමන්ගන්නේ මත්පැන් මිලදී ගැනීමට බව අපට යාමට අවසර දෙන්න සිදුවනවා. එවිට අත්‍යාවශ්‍ය භාණ්ඩ මිලද ීගැනීමට පැමිණෙන්නන් නවතා පරීක්‍ෂා කිරීමත් අපහසුයි. එවිට එම පුද්ගලයින් ගැටුමට පැමිණීමේ හැකියාව පවතිනවා.

 මේ තීරණය ගත් බලධාරීන්ට අපි මතක් කර සිටිනවා මේ තීරණය පිළිබ`ද නැවත සළකා බලන්න. නැවත රට විවෘත කරනතුරු මේ තත්වය පාලනය කිරීමට ඔවුන්ගෙන්ද සහය අපේක්‍ෂා කරනවා. ඉකුත් දින කිහිපයේ මත්පැන් හල් ආශ‍්‍රීතව දුටු දර්ශන අනුව මත්පැන් පොකුරක් නිර්මාණය නොවේවි යැයි අනුමාන කළ හැකි අයෙක් නැහැ යැයි පැවසීය. අහඹු පීසීආර් හා ඇන්ටිජන් පරීක්‍ෂාවන් මේ වනවිට නවතා ඇතත් යම් සංකූලකා හා රෝග ලක්‍ෂණ පවතින්නන් වෙතොත් රෝහල් වල මෙන්ම සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලවල එම පරීක්‍ෂණ කටයුතු සිදුකරන බවද එ් මහතා වැඩිදුරටත් පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment