ඇන්ටිජන් කට්ටල සපයන්න සමාගම් 4 කට අවසර

124

කොවිඞ් රෝගීන් හඳුනාගැනීම සඳහා භාවිත කරන ක්‍ෂණික ප‍්‍රතිදේහජනක පරීක්‍ෂණ කට්ටල (Rapid antigen kit) සැපයීමට ඉදිරිපත් වූ සමාගම් 13 න් සමාගම් 04 කට ඖෂධ නියාමන අධිකාරිය අනුමැතිය ලබාදී ඇත.

 ක්ෂණික ප‍්‍රතිදේහජනක පරීක්‍ෂණ කට්ටල ලියාපදිංචි කිරීම සඳහා මාර්ගගත ක‍්‍රමය ඔස්සේ අයැදුම්පත‍්‍ර 13 ක් ඖෂධ නියාමන අධිකාරියට ලැබී තිබේ.

 එම ඉදිරිපත්වූ අයැදුම්පත්වල අදාළ උපකරණ සාම්පල කි‍්‍රයාකාරිත්වය ඇගයීම (Sample validation) නියමිත විද්‍යායතනය (relevant Professional Colleges) මගින් සිදුකිරීමෙන් පසු වෛi උපකරණ ලියාපදිංචි කිරීමේ කමිටුව, ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්ණායකයන්ට අනුකූලව ඉදිරිපත් වූ අයැදුම්පත් 04 කට ලියාපදිංචිය ලබාදී ඇත. තාක්‍ෂණික ඇගයීමේදී අදාළ ඉහත නිර්ණායකයන් සම්පූර්ණ නොකළ අයැදුම්පත් 06 ක් ලියාපදිංචිය ප‍්‍රතික්‍ෂේප කිරීමටත්, අයැදුම්පත‍්‍ර 03 කට අදාළව තවදුරටත් ඇගයීම් කටයුතු සිදුවෙමින් පවතින බවත් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති වෛi හසිත විජේවන්ත මහතා පවසයි.

 මේ වනවිට ජාතික ඖෂධ නියාමන අධිකාරිය මගින් කිසිදු තාක්‍ෂණික ප‍්‍රතිදේහ කට්ටලයකට, කිසිදු කොවිඞ් ආශි‍්‍රත වෛi උපකරණයකට, එපමණකුදු නොව, කිසිදු වෛi උපකරණයකට හෝ මාර්ගගත ක‍්‍රමවේදය ඔස්සේ ලියාපදිංචිය ලබාදී නැතැයි ද ඒ මහතා ප‍්‍රකාශ කර සිටී.

advertistmentadvertistment
advertistmentadvertistment