ඇන්ටිජන් හා පීසීආර් නෙගටිව්… මරණ පරීක්ෂණයෙන් පොසිටිව්… වැලිවේරියේ තරුණයාගේ මරණය ගැන ඥාතීන්ට දැඩි සැකයක් … මල්ශාලා නියෝජිතයා හා මරණ පරීක්ෂණය සිදු කළ වෛද්‍යවරයා කළ කතාවෙන් පසු සියල්ල වෙනස් වුණා

221

අසරණ මිනිසුන්ගේ මරණවලිනුත් ගසා කන මෙවැනි අය ගැන වහාම පියවර ගන්න – සොයුරා කියයි

ඇන්ටිජන් පරීක්ෂණයෙන් හා පී.සී.ආර්.පරීක්ෂණයෙන් කොරෝනා රෝගය වැළදී නැතැයි වාර්ථා කළ තරුණයෙකුගේ මළ සිරුරක් පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු කොරෝනා රෝගයෙන් මියගිය අයෙකු ලෙස වාර්ථා කිරීම නිසා මියගිය තරුණයාගේ ඥාතීන් දැඩි කළකිරීමකට හා මහත් අපහසුතාවකට පත්වූ සිද්ධියක් වැලිවේරියෙන් වාර්ථා වේ. මියගිය අයගේ ඥාතීන් පවසන්නේ සිදුකළ මරණ පරීක්ෂණය පිළිබඳ කිසිදු විශ්වාසයක් තමුන්ට නොමැති බවත් ලබා දුන් මරණ පරීක්ෂණ වාර්ථාව කිසිවෙකුගේ බලපෑමකට අවස්ථා කිහිපයකදී වෙනස් කර ලබා දුන්නක් බවට සැකසහිත බවයි.

මෙම සිද්ධිය පිළිබඳ දිවයින ට කරුණු දක්වමින් මිය ගිය අයගේ මල්ලී වන එම්.සුධාර සංජීව ඩයස් මහතා මෙසේ පැවසීය. මගේ අයියා මාරවිල ස්වර්ණා පදනම ආබාධිත ළමා නිවාසයේ දීර්ඝ කාලයක් නේවාසිකව සිටි ආබාධිත අයෙකි. ඔහුගේ වයස විසි හතක් වෙනවා. අපි ස්ථීරව පදිංචිව සිටින්නේ වැලිවේරිය ප‍්‍රදේශයේ. පසුගිය ඉරිදා (5) අයියා මියගොස් ඇති බව මඩමෙන් දැන්වූවා. ඒ සැණින් අපි මාරවිල රෝහලට ගියා. ඒ යද්දිත් අයියගේ සිරුර රෝහළට ගෙනැවිත් තිබුණා. අයියගේ ඇන්ටිජන් පරීක්ෂණයක් සිදු කර එය කොරෝනා නැති බව සඳහන් වුණා (නෙගටිව්). ඉන් පස්සේ පීසීආර් පරීක්ෂණයකට යොමු කොට එයත් නෙගටිව් බව අපට දැන්වා තිබුණා. ඉන් පසුව දේහය වැලිවේරිය කතෝලික සුසාන භූමියේ භූමිදානයටත් මරණ පරීක්ෂක මහතා ලිඛිතව අවසර දුන්නා.

ඒ නිසා අපි දේහය වැලිවේරියට ගෙන ඒමට සූදානම්ව සිටියා. අයියගේ දේහය රෝහලට ගෙනාපු මල් ශාලාවෙන් පැමිණි නියෝජිතයා ඔවුන්ගේ මල් ශාලාවෙන් සියල්ල කර දීමට හැකි යැයි අපට පැවසුවා. අපිට ඕන වුනේ වැලිවේරියෙන් ඒ සියල්ල කර ගන්නයි. ඒ බව ඔහුට පැවසුවාට පසු දේහය වැලිවේරියට ගෙන ඒම සඳහා රුපියල් විසි දහක් ඉල්ලා සිටියා. ඒකටත් අපි කැමත්තෙන් සිටියා. ඉන් පසුව මල්ශාලා නියෝජතයා මරණ පරීක්ෂණය සිදු කළ වෛද්‍යවරයා සමග කතා කරමින් සිටින අයුරු අපි දැක්කා.

පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු මල් ශාලා නියෝජතයා පැමිණ අයියා මිය ගොස් ඇත්තේ කොරෝනා රෝගයෙන් බව දැන්වූවා. ඉන් පසු ඔහු මරණ පරීක්ෂක තුමාවත් හමුවුණා. අපි මරණ පරීක්ෂක මහතා වෙතට ගියා. මරණ පරීක්ෂකතුමා මල් ශාලා නියෝජිතයාගේ මල් ශාලාවේ නම සඳහන් කර ලියමින් දේහය එම මල් ශාලාවේ 6 වෙනි දින රාත‍්‍රියේ තබා ආගමික කටයුතු සිදුකර පසු දින එනම් (07* වෙනි දින මාරවිල ප‍්‍රදේශයේ ආදාහනාගාරයක ආදාහනය කිරීමට අවසර දුන්නා.

අපි ඒකට තදින් විරුද්ධ වුණා. මියගිය කොරෝනා රෝගියෙකු මල් ශාලාවක පැය ගානක් හෝ මුළු රාත‍්‍රියක් තබා ගැනීමට අවසර දීමක් පිළිබඳ අපි මීට කලින් අසා නැහැ. මෙතන කුමක් හෝ වංචාවක් සිදුවන බව අපට වැටහුණා. මරණ වාර්ථාවක මල් ශාලාවක නම් සඳහන් කර එහිම තැබීමට නියෝග කිරීමක් අපි මීට කලින් අසා නැහැ. ඒ නිසා මෙතන යම් වංචාවක් සිදුවෙන බව හැ`ගී ගියෙන් අපි මරණ පරීක්ෂකතුමාට දිගින් දිගටම කරුණු දක්වා අයියගේ සිරුර එදාම ආදාහනය කිරීමට අවසර ඉල්ලූවා. අවසන අපගේ දැඩි ඉල්ලීමට පිට දේහය එදිනම 06 දින ආදාහනය කිරීමට අවසර දුන්නේ තුන්වැනි වරටත් මරණ වාර්ථාව වෙනස් කරමිනි.

අපට ලබා දුන් මරණ වාර්ථාවේ කොතැනකවත් නැහැ අයියා කොරෝනා රෝගියෙකු බව සඳහන් කරලා. මරණයට හේතුව ලෙස සඳහන් කර ඇත්තේ නියුමෝනියාවෙන් මියගිය ස්වභාවික මරණයක් ලෙසටයි. ස්වභාවික මරණයක් නම් කොහොමද කොරෝනා රෝගියෙක් වෙන්නේ. මේක මහ අසාධාරණයක්. අපට හිතෙන්නේ මල් ශාලාවට වාසි වෙන අයුරෙන් තමයි මේ දේවල් සිදු වුණේ කියලා. මේ දේවල් යලි සිදුනොවෙන්නට පියවර ගත යුතුයි. මරණයකදී අසරණ වෙන මිනිසුන් තව තවත් අසරණ කරමින් ගසා කන තත්වයක් තමයි අපිට මෙහිදී හැ`ගුනේ.

මේ පිළිබ`ද පරීක්ෂණයක් සිදු කරනව නම් ඒක ඉතා යහපත්. අපිට අයියා වෙනුවෙන් සිදුවුන අසාධාරණය ගැන නම් හරිම කණගාටුයි.

වැලිවේරිය ලක්ෂ්මන් පයාගල විශේෂ චන්න විජයනාම

advertistmentadvertistment
advertistmentadvertistment