ඇඳිරිනීතිය ගැන නිවේදනයක්

641


මහජන ආරක්ෂක ආඥාපනතේ 16 වන වගන්තිය යටතේ වූ නියමයන්ට අනුකූලව අද රාත්‍රී 7.00 සිට හෙට උදෑසන 7.00 දක්වා බල පැවැත්වෙන පරිදි මුළු දිවයිනටම ඇඳිරි නීතිය පනවා තිබේ.
බලය දෙනු ලබන නිලධාරියෙකු විසින් ප්‍රදානය කරන ලද ලිඛිත අවසර පත්‍රයක අධිකාරය යටතේ මිස පොදු මාර්ගයක, දුම්රිය මාර්ගයක, පොදු උද්‍යානයක, පොදූ ක්‍රීඩා භූමියක හෝ වෙනත් පොදු භූමියක හෝ එම ප්‍රදේශවල මුහුදු වෙරළේ රැඳී සිටීමට කිසිවෙකුට අවසර නැතැයි ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment