ඇඳිරිය අස්සේ බෝතලෙන් ගරන්න ගිහින් මාට්ටු

212

නිරෝධායන ඇඳිරි නීතිය පවතින කාල සීමාව තුළ වැඩි මිලට අලෙවි කිරීමට මිහින්තලේ සිප්පුකුලම ප‍්‍රදේශයේ මත්පැන් අලෙවිසැලක් අසල නිවසක සඟවා තිබු මත්පැන් බෝතල් 134 ක් සමග සැකකරුවකු අනුරාධපුර පොලිසියේ විෂ මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකයේ නිලධාරින් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇත. ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී පොලිසිය එම මත්පැන් බෝතල් තොගය සහ සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරු සිප්පුකුලම කරුවලගස්හින්න ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකි. සැකකරු සහ මත්පැන් බෝතල් තොගය පොලිසිය විසින් ඊයේ (02 දා* අනුරාධපුර මහෙස්ත‍්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

අනුරාධපුර විශේෂ – පර්සි කුරුනේරු

advertistmentadvertistment
advertistmentadvertistment