ඇඳිරිය නිම වූ පසු රට වටා දසුන්… තෙල් පෝලිම් මැද තැපැල් වර්ජන විශ්‍රාමිකයෝ අසරණ වෙති…

171

ඇඳිරි නිතිය ඉවත් කිරිමත් සමග ගාල්ල නගරයට පැමිණි ජනතාව ඊයේ (12දා) දිනයේද වෙනදා මෙන්ම ඉන්ධන පිරවුම්හල් අසල පෝලිම් ගැසී සිටිනු දක්නට ලැබිණි.ඊට අමතරව අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා ගැනීම සඳහා ජනතාව සතොස වෙළෙඳ සල් සහ සිල්ලර වෙළෙඳ සල් අසලද පෝලිම් ගැසී සිටියහ.

මේ අතර තැපැල් සේවකයින් වැඩ වර්ජනයට එක්ව සිටිම හේතුවෙන් තැපැල් කාර්යාල වසා තිබු අතර විශ්‍රාම වැටුප් ලබා ගැනීමට පැමිණි විශ්‍රාමිකයෝ පිරිසක් අපහසුවට පත්ව සිටියහ.

ගාල්ල නගරයේ ස්ථාන කිහිපයක යුද හමුදා සෙබළුන් ස්ථානගත කර තිබු අතර පොලිසියද ජංගම මුර සේවා තරකර තිබිණි.මේ අතර ඇඳිරි නීතිය කඩ කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 37 දෙනකු අත්අඩංගුවට ගත් බව ගාල්ල පොලිසිය පවසයි.ඔවුනට එරෙහිව අධිකරණයේ නඩු පැවරීමට නියමිතය. පෞද්ගලික බස් රථ රැසක්ම ධාවනයෙන් ඉවත්ව තිබු අතර ලංගම.බස් රථ පමණක් ප්‍රධාන මාර්ගවල ධාවනයට යොදවා තිබිණි.

ඇඳිරිය නිම වූ පසු රට වටා දසුන්... තෙල් පෝලිම්  මැද තැපැල් වර්ජන විශ්‍රාමිකයෝ අසරණ වෙති...

අහංගම සුගතපාල දීයගහගේ,වංචාවල ගැමුණු චන්ද්‍රලාල්

advertistmentadvertistment
advertistmentadvertistment