ඇඳිරි නීතිය  අද පැය 7ක් ඉවතට

158

දැනට මුළු දිවයිනටම පනවා ඇති ඇඳිරි නීතිය අද (12දා) පෙරවරු 07.00ට ඉවත් කර එය යළි පස්වරු 02.00ට පැනවෙන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. එය 13 වැනිදා පෙරවරු 06.00 දක්වා බල පැවැත්වෙන බවද සඳහන් කරයි.

 ඒ අනුව බලය දෙනු ලබන නිලධාරියකු විසින් ප්‍රදානය කරන ලද ලිඛිත අවසර පත්‍රයක අධිකාරය යටතේ මිස පොදු මාර්ගයක, දුම්රිය මාර්ගයක, පොදු උද්‍යානයක, පොදු ක්‍රීඩා භූමියක හෝ වෙනත් පොදු භූමියක හෝ එම ප්‍රදේශවල මුහුදු වෙරළේ රැඳී සිටීමට කිසිවකුට අවසර නැති බවද පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment