ඇඳිරි නීතිය අද රාත්‍රී දැඩි කරයි

1011


දිවයින පුරා පනවා ඇති ඇඳිරි නීතිය අද රාත්‍රියේ දැඩිව ක්‍රියාත්මක කරන බව පොලිස් මූලස්ථානය දැනුම්දී සිටියි.එබැවින් එය උල්ලංඝණය කිරීමෙන් වැලකී නිවෙස් තුළ රැඳී සිටින ලෙස ද ඉල්ලා සිටියි.එසේම අවශ්‍ය අවස්ථාවලදී වෙඩි තැබීම ඇතුළු නීත්‍යානුකූලව බලය පාවිච්චි කරන ලෙස සියලුම පොලිස් ස්ථානවලට පොලිස් මූලස්ථානය උපදෙස් දී ඇත.කලහකාරී කණ්ඩායම් හෝ ප්‍රචන්ඩකාරී පිරිස් කොල්ලකෑමේ අරමුණින් හෝ ජීවිත හානි සිදුකිරීමේ අරමුණින් වාහන නවතා පරීක්ෂා කිරීම් සිදුකිරීමට උත්සාහා දැරීම වැලැක්වීමට උපරිම අයුරින් නීතිය ක්‍රියාත්මක කරන ලෙසද පොලිසියට දැනුම්දී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment