ඇඳිරි නීතිය කාලය වෙනස් කරයි

326


මහජන ආරක්ෂක ආඥාපනතේ 16 වන වගන්තිය යටතේ වූ නියමයන්ට අනුකූලව අද රාත්‍රී 11.00 සිට හෙට උදෑසන 5.00 දක්වා මුළු දිවයිනටම බල පැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය පැනවෙන බව ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කරයි.මීට පෙර නිවේදනයකරනු ලැබුවේ අද රාත‍්‍රී 8.00 සිට ඇඳිරිනීතිය පනවන බවය.
ඒ අනුව බලය දෙනු ලබන නිලධාරියෙකු විසින් ප්‍රදානය කරන ලද ලිඛිත අවසර පත්‍රයක අධිකාරය යටතේ මිස පොදු මාර්ගයකල දුම්රිය මාර්ගයකල පොදු උද්‍යානයකල පොදූ ක්‍රීඩා භූමියක හෝ වෙනත් පොදු භූමියක හෝ එම ප්‍රදේශවල මුහුදු වෙරළේ රැඳී සිටීමට කිසිවෙකුට අවසර නැත.

advertistmentadvertistment
advertistmentadvertistment