ඇඳිරි නීති හදිසි නීති මැද ඊයේ නැගුණු ජන හඩ

193

සජබ උද්ඝෝෂණය උණුසුම් වෙයි

මුළු දිවයිනටම ඇඳිරි නීතිය පනවා තිබූ මොහොතක විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා ප‍්‍රමුඛ සමගි ජනබලවේගයේ මන්ත‍්‍රීවරුන් ඊයේ (03 වැනිදා) කොළඹ නිදහස් චතුරශ‍්‍රය ආසන්නයේදී විරෝධතාවයක නිරතවූ අතර, එහිදී එම මන්ත‍්‍රීවරුන් හා පොලිසිය අතර උණුසුම් වචන හුවමාරුවක් ඇතිවිය.

ඇඳිරි නීති හදිසි නීති මැද ඊයේ නැගුණු ජන හඩ

විපක්ෂනායකවරයා ප‍්‍රමුඛ මන්ත‍්‍රීවරුන් ඊයේ උදේ නිදහස් චතුරශ‍්‍රයට ඇතුළුවීමට දැඩි උත්සාහයක් දැරුවද පොලිසිය යකඩ බැරියර් යොදා මාර්ගය අවහිර කර තිබිණි. මේ හේතුවෙන් දෙපාර්ශ්වය අතර දැඩි උණුසුම් වචන හුවමාරුවක් ඇතිවිය.

විපක්ෂ නායක කාර්යාලයට රැුස්වූ එම මන්ත‍්‍රීවරුන් ඊයේ පෙරවරු 11.00ට පමණ නෙළුම් පොකුණ අසලින් සිය විරෝධතාවය ආරම්භ කළේය.

විපක්ෂ නායකවරයා ඇතුළු මන්ත‍්‍රීවරුන් පා ගමනින් නිදහස් චතුරශ‍්‍රය දක්වා පැමිණියේ ඉන් පසුවය. ඔවුන් ‘ගෝඨා ගෝ හෝම්’ කියමින් ඉදිරියට ගමන් ගත්හ.

ඔවුන් නිදහස් චතුරශ‍්‍රයට ළඟාවන විටත් පොලිසිය මාර්ගය සම්පූර්ණයෙන් වසා දමමින් ආරක්ෂාව තර කර තිබිණි.

මෙහිදී විපක්ෂ නායකවරයා ඇතුළු මන්ත‍්‍රීවරුන් පොලිසිය සමග උණුසුම් වචන හුවමාරුවක නිරත වූහ.

විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස

මහතා -‘අපට ඕනෑ ජාතියේ පියාගේ පිළිරුව ළඟට යන්න. මේක ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක්. අපි මේ ආවේ ලක්ෂ 220 ක් වන ජනතාව වෙනුවෙන්. ඔබතුමන්ලා ඉන්න ඕන ජනතාවගෙ පැත්තේ. ඔබතුමන්ලා ඉන්නේ ජනතා පීඩිත රජයක් රකින්න නෙමෙයිනේ. අද රටේ මිනිස්සු පෙට‍්‍රල් පෝලිමේ. අම්මලාගේ දරුවන්ට කිරිපිටි නැහැ. මිනිස්සුන්ට අද ජීවත්වෙන්න විදියක් නැහැ. එම නිසා මම ඔබතුමන්ලාගෙන් ඉල්ලීමක් කරනවා සාමකාමීව කරන විරෝධයට සහයෝගය දෙන්න කියලා.

මේ අතරේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී කබීර් හෂීම් මහතා ‘ගෝඨා ගෝ හෝම්’ කියමින් විරෝධය දක්වන්නට විය.

පොලිසිය: අපි මේ රටේ නීතියනේ මේ ආරක්ෂා කරන්නේ.

විපක්ෂ නායක: ඔබතුමන්ලා පවුලක්නේ ආරක්ෂා කරන්නේ. මූලික අයිතිවාසිකම් කඩකරන්න එපා. අවසානයේ තමුන්නාන්සේලාට තමයි උසාවි ගානේ යන්න වෙන්නේ.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී පාඨලී චම්පික රණවක මහතා: මිනිස්සුන්ට වතුර නැහැ, ලයිට් නැහැ, තෙල් නැහැ, කන්න නැහැ, රටේ අංක එක ව්‍යවස්ථාව. ඒක ආරක්ෂා කරන්න.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී සරත් ෆොන්සේකා මහතා: රජය ජනතාව පීඩාවට පත් කරනවා. ජනතාවගේ අයිතිවාසිකම් වළක්වනවා. ඒකට විරෝධය පළ කරන්නයි අපි එළියට බැස්සේ. ජනතාවට එන්න දෙන්නේ නැහැනේ ඇඳිරි නීතිය දාලනේ.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා: මහජන ආරක්ෂක පනත නීතිය අවභාවිතා කිරීමට විරුද්ධව අද අපි එළියට බැහැලා ජනතාව වෙනුවෙන් කටයුතු කරනවා.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා: ජනතාව පාරට බැහැලා විරෝධය දක්වන්න කියලා ආණ්ඩුව ඇඳිරි නීතිය දාලා වළක්වලා තියෙනවා. මේ නිසා විපක්ෂයේ අපි සේරම පාරට බැස්සා.

මෙම විරෝධතාවය සඳහා සමගි ජන බලවේගයේ මුජිබර් රහුමාන්, හර්ෂණ රාජකරුණා, මනෝ ගනේෂන්, එස්. එම්. මරික්කාර්, අජිත් මාන්නප්පෙරුම ඇතුළු තවත් මන්තී‍්‍රවරුන් රැුසක් සහභාගි වූහ.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන් සහ අකිත පෙරේරා, ඡායරූප – නිමල් දයාරත්න

ජවිපෙත් පාරට බසී

ඇඳිරි නීති හදිසි නීති මැද ඊයේ නැගුණු ජන හඩ


මහරගම පැවති විරෝධතාවට සුනිල් හඳුන්නෙත්ති, වසන්ත සමරසිංහ, ලාල් කාන්ත, හරිනි අමරසූරිය, නලින්ද ජයතිස්ස ඇතුළු පිරිසක් ද එක්ව සිටි අයුරු. පිංතූරය – තුෂාර අතපත්තු

රොෂාන් මහානාමත් විරෝධතාවේ

advertistmentadvertistment
advertistmentadvertistment