ඇඳේ බැඳ වයරයකින් ගෙල සිරකර බිරිඳ මරා දමලා

943

* පවුල් ආරවුල දුරදිග ගොස්

* භාර වූ සැකකාර සැමියා රක්ෂිතයට

සෙවනගල වලවේගම ප‍්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි විවාහක කාන්තාවක් ඇයගේ ස්වාමිපුරුෂයා විසින් ඉකුත් (11*දා රාත‍්‍රී වයරයකින් ගෙල සිරකර මරා දමා ඇතැයි සෙවනගල පොලිසිය පවසයි.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ සෙවනගල වලවේගම ප‍්‍රදේශයේ පදිංචි දෙදරු මවක් වන අමිලා හර්ෂනී මැන්ඩිස් (35* නැමති කාන්තාවකි.

පොලිසිය මෙතෙක් කරන ලද පරීක්ෂණවලදී හෙළිවී ඇත්තේ මෙම කාන්තාව තම ස්වාමිපුරුෂයා සහ අසල්වැසියන් සමඟ නිතර ආරවුල් ඇති කරගන්නා බවත්, මීට ප‍්‍රථම සැකකරු තම පියා හට පහරදීම හේතුවෙන් අධිකරණය මඟින් රක්ෂිත බන්ධනාගාර ගතකර සිට ඉකුත් (11) දා දිනයේ ඇප ලබා නිවසට පැමිණ ඇත.

පසුව ඔහු බිරිඳ සමඟ රණ්ඩු සරුවල් කරගැනීම හේතුවෙන් ඔහු විසින් රාත‍්‍රී ඇයව නිවසේ කාමරයේ ඇඳට තබා වයරයකින් ගැටගසා ගෙල සිරකර මරා දමා ඇත.

සිද්ධියෙන් පසුව සැකකරු පොලිසියට භාරවී ඇති අතර ඇඹිලිපිටිය මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත. ඇඹිලිපිටිය කොට්ඨාශ භාර සහකාර පොලිස් අධිකාරී සනත් කුමාර මහතාගේ උපදෙස් මත සෙවනගල පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක කේ.වී.පී.සී. දීපාල් මහතාගේ මඟ පෙන්වීම මත සෙවනගල පොලිසියේ අපරාධ විමර්ශන අංශය විසින් වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබයි.

බඩල්කුඹුර – රවිඳු ගුණතිලක
 

advertistmentadvertistment
advertistmentadvertistment