ඇපල් දුරකථන සමාගම චීනයෙන් ඈත් වෙයි

393


ලොව ප‍්‍රමුඛතම ඇමෙරිකානු සමාගමක් වන ඇපල් ජංගම දුරකථන සමාගම සිය නිෂ්පාදන කටයුතු සඳහාවූ ඇනවුම් චීනයට පමණක් ලබා නොදී ඉන්දියාව සහ වියට් නාමය වැනි රටවලටද ලබාදීමට අවධානය යොමුකර ඇත.මේ වන විට ඇපල් සමාගමේ නිෂ්පාදන වලින් සියයට 90ක් සිදුකරන්නේ චීනයේ සමාගම් විසිනි.නිෂ්පාදන කටයුතු සහ ප‍්‍රධාන අමුද‍්‍රව්‍ය සඳහා චීනය මත යැපීම අඩු කිරීමට ඇපල් සමාගමේ අවධානය යොමුවී තිබේ.මෙම ඇපල් නිෂ්පාදන කටයුතු වලදී චීනයට තරගකාරී රටවල් වන ඉන්දියාව සහ වියට්නාමය කෙරෙහි අවධානය යොමුවීමට තවත් හේතුවක් වී ඇත්තේ කොවිඩ් රෝගය හමුවේ චීනය ක‍්‍රියා කළ දැඩි ප‍්‍රතිපත්ති නිසා බටහිර රටවල සැපයුම අඩාලවීමය.එසේම රුසියාව යුක්රේනය ආක‍්‍රමනය කිරීමේදී චීනය දක්වන වක‍්‍ර සහයේාගයයි.

advertistmentadvertistment
advertistmentadvertistment