ඇපල් දොඩම් මිදි ඇතුළු ආනයනික පලතුරු සහ භාණ්ඩ කීපයකට මාස 6 කට විශේෂ බද්දක්

245

ඇපල්, දොඩම්, මිදි ඇතුළු ආනයනික පලතුරු වර්ගවලට සහ තවත් ආනයනික භාණ්ඩ කිහිපයක් සඳහා වහා ක‍්‍රියාත්මක වන පරිදි මාස 06ක කාලයක් සඳහා විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දක් පනවා ඇත.

ඒ අනුව ආනයනික ඇපල් කිලෝවකට රුපියල් 300ක්ද දොඩම් කිලෝවකට රුපියල් 200ක්ද, වියළි සහ අලූත් මිදි කිලෝවකට රුපියල් 300ක්ද අනෙකුත් පලතුරු කිලෝවකට රුපියල් 300ක්ද අලූත් සහ වියළි රටඉඳි කිලෝවකට රුපියල් 200 ක්ද චීස් කිලෝවකට රුපියල් 400ක්ද යෝගට් කිලෝවකට රුපියල් 1000ක්ද, වෙඬරු කිලෝවකට රුපියල් 1000ක්ද සහ කිරිවලින් නිපදවූ තැවරුම් කිලෝවකට රුපියල් 100ක්ද වශයෙන් මුදල් අමාත්‍යංශය විසින් විශේෂ භාණ්ඩ බද්දක් පනවා තිබේ.

2007 අංක 48 දරන විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පනත යටතේ මුදල් ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතා විසින් මෙම බදු පැනවීම සිදුකර ඇත.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment