ඇපල්, මිදි, විදෙස් මත්පැන්, චීස්, කිරිවැනි අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ 367කට සීමා පනවයි – මුදල් ඇමැතිගෙන් ගැසට්ටුවක්

611

අත්‍යවශ්‍ය නොවන සහ හදිසි නොවන භාණ්ඩ වර්ග 367 ක් මෙරටට ආනයනය කිරීම සීමාකිරීමේ අරමුණෙන් මුදල් ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතාගේ අත්සනින් එම භාණ්ඩ ආනයනය සඳහා විශේෂ ආනයන බලපත‍්‍රයක් ලබාගත යුතු බවට නියමකරමින් ඊයේ (09 දා) අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත්කර තිබේ.

ඇපල්, මිදි, විදෙස් මත්පැන්, චීස්, කිරිවැනි අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ 367කට සීමා පනවයි - මුදල් ඇමැතිගෙන් ගැසට්ටුවක්

මේ නියමය පරිදි ආනයන සහ අපනයන පාලකගෙන් බලපත‍්‍රයක් ලබාගත යුතු අතර ඒ සඳහා ඊට පෙර මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාගේ නිර්දේශය ද ලබාගත යුතු වේ.

මෙම විශේෂ ආනයන පලපත‍්‍ර ක‍්‍රමයට යටත් කර ඇති භාණ්ඩ අතරට ඇපල්, දොඩම්, මිදි ඇතුළු විදේශීය පලතුරු වර්ග, විදෙස් මත්පැන්, බියර්, චීස්, කිරි යනාදිය මෙන්ම පාවහන් ,සංගීත භාණ්ඩ, ක‍්‍රීඩා භාණ්ඩ සහ ගෘහ උපකරණ ඇතුළු භාණ්ඩ වර්ග 367 ක් ඇතුළත් වන බව ද එම ගැසට් නිවේදනයට අනුව සඳහන් වේ.

රටේ පවතින විදේශ විනිමය හි`ගය හමුවේ රටට බොහෝ අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය කරමින් තිබෙන බවත් එම ආනයන සීමාකළ යුතු බවටත් බොහෝ ආර්ථික හා මූල්‍ය අංශ විසින් රජයට යෝජනා කළ අතර ශ‍්‍රී ලංකා මහ බැංකුව ද අත්‍යවශ්‍ය නොවන සහ හදිසි නොවන භාණ්ඩ සඳහා තීරුබදු වැඩි කරන ලෙස රජයට යෝජනා කළේය.

මේ අනුව රජය ආනයන සහ අපනයන පාලන පනත යටතේ මෙසේ එවැනි භාණ්ඩ සඳහා ආනයන බලපත‍්‍ර ක‍්‍රමයක් ඇති කිරීමට තීරණය කළ අතර ඊට අදාළ ගැසට් නිවේදනය ඊයේ මුදල් ඇමැතිවරයාගේ අත්සනින් නිකුත් විය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
 

advertistmentadvertistment
advertistmentadvertistment