ඇප ලැබුණත් මුදලිගේ ඇතුළේ

246

මහජන පීඩාවක් වන පරිදි උද්ඝෝෂණ ව්‍යාපාර හා විරෝධතා නොපවත්වන ලෙසට තම අධිකරණය විසින් නියෝග කර තිබියදීත් එකී අධිකරණ නියෝග උල්ලංඝනය කර පසුගිය වසරේ ජුනි 20 වැනිදා පොලිස් මූලස්ථානය ඉදිරිපිට විරෝධතාවක් පැවැත්වීම ඇතුළු චෝදනා යටතේ පවරා තිබූ නඩුවේ සැකකරුවකු වන අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ රුපියල් ලක්‍ෂ 5ක ශරීර ඇප මත මුදාහැරීමට කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (27දා) නියෝග කළේය.

එම නඩුවට ඇප මත මුදාහළ ද ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන දින 89ක් රඳවා තබාගෙන සිටි එම සැකකරු නීතිපතිවරයාගේ උපදෙස් ලැබෙන තෙක් ලබන 31 වැනිදා වනතුරු මේ වනවිටත් කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් අධිකරණය විසින් රක්‍ෂිත බන්ධනාගාර ගතකර ඇත.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment