ඇප ලැබුණු පාතාලයා හිතවතුන්ගේ රැකවල් මැද රැගෙන ගිහින්

457

මිනීමැරුම්, කප්පම් ගැනීම්, මත්ද්‍රව්‍ය ජාවාරම්, කොල්ලකෑම් ඇතුළු අපරාධ ගණනාවකට සම්බන්ධ බවට චෝදනා එල්ල වී සිටින ගණේමුල්ලේ සංජීව නමැති පාතාල නායකයාට ගම්පහ අධිකරණයෙන් ඊයේ (09 දා) ඇප ලැබීමෙන් පසු තමන්ට හිතෛෂී පුද්ගලයින්ගේ ආරක්‍ෂාවක් යටතේ රැගෙන ගොස් ඇත.

මෙම පාතාල නායකයාගේ නඩු කටයුතු නිම වීමෙන් පසු පිරිසක් විසින් ඊයේ දහවල් මොහු විශේෂ ආරක්‍ෂාවක් යටතේ රැුගෙන ගිය බව වාර්තා වෙයි.

පාතාල නායකයකු වන දෙමටගොඩ චමින්ද බන්ධනාගාර බස්රථයකින් රැුගෙන යද්දී දෙමටගොඩ නගර මධ්‍යයේදී එම බස්රථයට ප‍්‍රහාර එල්ල කිරීම ගම්පහ ඔස්මන් නැමති ව්‍යාපාරිකයා අවස්ථා දෙකකදී ඝාතනය කිරීමට උත්සාහ කිරීම පෞද්ගලික බැංකුවක රුපියල් කෝටි 7ක මුදල් කොල්ලකෑම ඇතුළු අපරාධ ගණනාවක් සම්බන්ධයෙන් ගණේමුල්ලේ සංජීවට එරෙහිව චෝදනා ඇති බව පොලිසිය පවසයි.

ගණේමුල්ලේ සංජීව ගම්පහ අධිකරණය වෙත ඊයේ රැුගෙන ආ අවස්ථාවේ පොලිස් විශේෂ කාර්ය බලකාය සහ පොලිසිය විශේෂ ආරක්‍ෂාවක් යොදවා තිබිනි.

ගණෙුමල්ලේ සංජීව වෙනුවෙන් පෙනීසිටීමට ප‍්‍රසිද්ධ නීතිඥවරුන් ඇතුළු නීතිඥවරුන් රැුසක් අධිකරණය වෙත පැමිණ සිටි බවද පොලිස් ආරංචි මාර්ග පැවසීය.

හේමන්ත රන්දුණු
 

advertistmentadvertistment
advertistmentadvertistment