‘ඇබා’ සංගීත කණ්ඩායම යළි එක් වේ

356

79 හා 80 දශකයේ ලොව ප‍්‍රකට පොප් ගායක කණ්ඩායමක් වූ ‘ඇබා’ සංගීත කණ්ඩායමේ සාමාජිකයන් සිවු දෙනා එම සංගීත කණ්ඩායම විසුරුවා හැර වසර 40කට පසු නැවත එක්ව ගීත ඇල්බමයක් නිකුත් කරන බවට නිවේදනය කර තිබේ. ඇග්නෙතා, බියෝන්, බෙනි හා ඇනි ෆ‍්‍රිඞ් යන ස්වීඩන් ජාතික ගායක ගායිකාවන් සිවු දෙනාගෙන් සමන්විත වූ ‘ඇබා’ සංගීත කණ්ඩායම 1982 වසරේදී විසුරුවා හැරුණු අතර ඔවුන් නැවත එක් කිරීමට ඉහළ පෙළේ පුද්ගලයන් විසින් ගත් උත්සාහයන් ව්‍යර්ථ වී ගොස් තිබිණි.

 ‘ඩාන්සින් ක්වීන්, මමා මියා, රින්ග් රින්ග්, එස් ඕ එස්, වෝටර්ලූ, චික්විටීටා, තෑන්ක් යු ෆෝ ද මියුසික් ඇතුළු ජනප‍්‍රිය ගීත ගණනාවක් ගායනා කර ඇති ඇබා සංගීත කණ්ඩායම නැවත එක් වීම නිමිත්තෙන් නවතම ගීත 10ක් පටිගත කිරීමටත් සංගීත ප‍්‍රසංගයක් පැවැත්වීමටත් සැලසුම් කර ඇති බව එම ගායක කණ්ඩායම විසින් ප‍්‍රකාශ කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment