ඇමති කට්ට වෙනුවෙන් තක්කඩිකම් ඉවසන්න බැහැ.. ඇමැති විමල් වීරවංශ

795

ගෝඨාභයට ජනවරම දුන්නේ වෙන කෙනකුට කොල්ල කන්න නෙවෙයි

මෙරට හැටනව ලක්‍ෂයක ජනතාව ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිවරයාට බලය ලබා දුන්නේ එය වෙන කෙනකුට කොල්ල කෑමට නොවන බවත් ජනවරමේ සුජාතභාවය නැති කිරීමට කිසිවකුට ඉඩදිය නොහැකි යැයි ජාතික නිදහස් පෙරමුණේ නායක, කර්මාන්ත ඇමැති විමල් වීරවංශ මහතා ඊයේ (29 වැනිදා) සඳහන් කළේය.

ජනවරමට පස්සා පැත්ත පෙන්වන අයගේ පස්සා පැත්තට පහර දීමේ වගකීමෙන් කිසිදා බැහැර නොයන බවත් කී හෙතෙම ”අපි දෙන දේ කා වෙන දේ බලා සිටින” පිරිසක් නොවන බවත් කියා සිටියේය.

ජාතික නිදහස් පෙරමුණේ නායක කර්මාන්ත ඇමැති විමල් වීරවංශ මහතා ඊයේ (29 වැනිදා) එම අදහස් පළ කළේ ආණ්ඩුවේ හවුල්කාර පක්‍ෂ 11 ක එකමුතුවෙන් සැදුම්ලත් මහජන මන්ත‍්‍රණ සභාවේ මංගල රැුස්වීම පිටකෝට්ටේ සොලිස් උත්සව ශාලාවේදී පැවැති අවස්ථාවේදීය.

ඇමති කට්ට වෙනුවෙන් තක්කඩිකම් ඉවසන්න බැහැ.. ඇමැති විමල් වීරවංශ

”එල්.එන්.ජී. බලාගාර පද්ධතිය ඇමරිකාවට පැවරීම” යන මැයෙන් රැස්වීම සංවිධානය කර තිබිණි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජාතික නිදහස් පෙරමුණේ නායක ඇමැති විමල් වීරවංශ මහතා මෙසේ ද පැවසීය.

ඇමරිකානු නිව් පෝට‍්‍රස් එනජි සමාගමට සදාකාලිකව ගෑස් සැපයීමේ ඒකාධිකාරය මේ ලබාදී ඇත්තේ. බොරුවට එය වසර පහක් කියන්න එපා. අනාගතයේ නොපෙණෙන ඉමක් දක්වා මෙරට ගෑස් සැපයීම ලබා දෙන්නේ ඔය සමාගමටයි. ඒ ඇමරිකානු සමාගමට ගෑස් සදාකාලිකව ලබාදෙන කැබිනට් පති‍්‍රකාව ආවේ හොර පාරෙන්.

මෙය කැබිනට් මණ්ඩලයේ නිසි ලෙස සාකච්ඡුා වුණේ නැහැ. මෙය ගෙනාවේ තක්කඩිකමින්. මේ ඇමැති ‘කට්ට’ වෙනුවෙන් ඔය තක්කඩිකම් ඉවසන්න බැහැ. අපේ හෘද සාක්‍ෂිය තඩි ගලක ගැටගසා වතුරට ඔබාගෙන ඉන්න අපට බැහැ. අප ඒ සංස්කෘතියට අයිති අය නෙවෙයි.

මේ රටේ මිනිස්සු ගෝඨාභය රාජපක්‍ෂ මහතාට ජනවරම දුන්නේ වෙන අයට කොල්ල කන්න නෙමෙයි. ඒ ජනවරමේ සුජාතභාවය නැති කරන්න දෙන්න බැහැ. එහි ගෞරවනීයභාවය කෙලසන්න දෙන්න බැහැ.

ඩලස් ඇමැතිතුමාට විදුලිබල ඇමැතිකම නැති වුණේ මේ නිසාද යන්න අප දන්නේ නැහැ. එහෙම වුණා යැයි දැන් හිතෙනවා. අපි ගෑස් භාවිතා කළත් නොකළත් නියමිත ප‍්‍රමාණය අප මිලට ගන්න ඕනෑ. ඇමරිකාව අප රට ගිල ගන්න හදනවා. මෙම සමාගමට අනාගතයේ රට භාර දීමත් මෙය රට පාවාදීමක්. අපට ඇමැතිකම් තිබුණත් නැතත් අප සටන අතහරින්නේ නැහැ. අපි මේ රටේ මැරෙන මිනිස්සු. අපගේ දේහය වෙන රටවලට ගෙන යන්නේ නැහැ. අපේ දේහය පස් වෙන්නේ මේ රටේ.

වසර 5 කට බලය ගෙන රටේ ගෑස් ලබාදීමේ ඒකාධිකාරය අප රටට සතුරු රටකට හොර පාරෙන් දීම ගැන අපි කිසිසේත් එකඟ වන්නේ නැහැ. තව ගිවිසුම් දෙකක් එන්න තිබෙනවා. මේ සඳහා අප සූදානම් විය යුතුයි.

ඇමති කට්ට වෙනුවෙන් තක්කඩිකම් ඉවසන්න බැහැ.. ඇමැති විමල් වීරවංශ

අපට ආණ්ඩුව කඩා දාන්න ඕන නැහැ. විපක්‍ෂයට බලය දෙන්න ඕන නැහැ. අපට අවශ්‍ය ජනවරමට අනුකූලව රජය රැුගෙන යෑමටයි. ජනවරමට පස්ස පෙන්නන එකාගේ පස්ස පැත්තට පහර දෙන්න ඕන. ඒ වගකීම අප අතහරින්නේ නැහැ. අපි දෙන දේ කාලා වෙන දේ බලන් ඉන්න අය නෙවෙයි. අපි හරි දේ වෙනුවෙන් කතා කරනවා. කළ යුතු දේ කරනවා. ඒ සඳහා එන ඕනෑම තර්ජනයකට මුහුණ දෙන්න අප ලෑස්තියි.

මෙහිදී අදහස් දැක්වූ පිවිතුරු හෙළ උරුමයේ නායක ඇමැති උදය ගම්මන්පිල මහතා මෙසේද කීවේය.

සාමුහික වගකීමට මොකද වෙන්නේ කවුරු හරි අහන්න පුළුවන්. අප භාවිත කරමින් සිටින්නේ ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදී ඇති ශුද්ධ අයිතියත්, එල්.එන්.ජී. බලාගාර ඇමරිකානු නිව් පෝට‍්‍රස් සමාගමට ලබාදීම ඉතාම විවාද සම්පන්නයි. කවුරුන් හෝ ඔවුන්ට උදව් කර තිබෙනවා.

මෙම ටෙන්ඩරය ලබාදීමේ බරපතළ කරුණු හතරක් තිබෙනවා. මෙහි යහපාලනයේ සහ අවපාලනයේ බරපතළ ගැටලූවක් තිබෙනවා. මිත‍්‍රවරුනි ලංකා ඉතිහාසයේ පළමු වතාවට ටෙන්ඩරයකට සහභාගි නොවුණ සමාගමකට ටෙන්ඩර්ගත ව්‍යාපෘතිය ලබාදී තිබෙන්නේ. අපි පට්ට පතුරු ගැසූ දූෂිතයි කියා හංවඩු ගැසූ ජේ. ආර්. යුගයේ. පේ‍්‍රමදාස යුගයේ, චන්ද්‍රිකා යුගයේ, රනිල් යුගයේ මේ වගේ දෙයක් සිදු නොවූ බව කනගාටුවෙන් වුවත් කියන්න ඕන.

බලශක්ති සුරක්ෂිතතාව හා ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් මෙහිදී බරපතළ ගැටලූ මතුවෙනවා. ඇත්තටම මෙම ඇමරිකානු සමාගමට ඉදිරියේදී රට අඳුරට යවනවද නැද්ද යන්න තීරණය කරන්න පුළුවන් වෙනවා. රණවිරුවන්ට දඬුවම් කළේ නැත්නම් ආර්ථික සම්බාධක පනවනවා කිව්වේ ඇමරිකානු රාජ්‍යයයි. පෙඩරල් ව්‍යවස්ථාව නොගෙනාවොත් ආර්ථික සම්බාධක පනවන බව පැවසුවෙත් ඔවුන් විසින්මයි. අන්න ඒ ඇමරිකාවට තමයි අනාගතයේ මෙරට විදුලි බලයෙන් තුනෙන් එකක අයිතියක් දෙන්න යන්නේ. රට අඳුරට දවස් දෙක තුනක් යවා දැන් වහාම රණවිරුවන්ට දඬුවම් දෙන්න කිව්වොත් අපට මොකද වෙන්නේ. පෙඩරල් ව්‍යවස්ථාව ගෙනෙන්න කිව්වොත් අපට මොකද වෙන්නේ. ඒ නිසයි අපි මෙම අවදානම රටට කියන්නේ.

ඇතමෙක් මෙය වසර 5කට පමණක් දුන්නා කියනවා. එම ගිවිසුමේ 4(2* වගන්තිය අනුව කියන්නේ මෙම ටෙන්ඩරයේ කාලය වසර 5ක් හෝ දැනට කි‍්‍රයාත්මක ටෙන්ඩරයේ සැපයුම්කරුවා ගෑස් සැපයීමට සූදානම් තත්ත්වයට පැමිණීම යන කරුණු දෙකෙන් පරක්කු වී සිදුවන දෙයින් උදාවන කාලය ටෙන්ඩරයේ ගෑස් සැපයීමට බලය ලැබෙන්නේ කියලා. දැනට පවතින තත්ත්වය අනුව ටෙන්ඩරයේ සැපයුම්කරුවා නිව් ප්‍රොට‍්‍රස් එනර්ජි සමාගම සමග ඉදිරියට යෑමට අකමැති බව සඳහන් වෙනවා. ඒ අනුව ලංකාවේ ගෑස් විදුලි බලාගාර තිබෙන තුරාවට අපේ බලශක්ති පාලනය කිරීමේ යතුරත් ඇමෙරිකානු සමාගමට ලබාදී තිබෙනවා.

මෙරට ගෑස් ඒකාධිකාරිය මෙම ඇමරිකානු සමාගම වෙත ලබා දුනහොත් තව කිසිදු වෙනත් සමාගමක් මෙහි ගෑස් හෑරීම සඳහා එන එකක් නැහැ. මේ ගිවිසුම නිසා තෙල් ගෑස්වලින් රට ගොඩදැමීමේ සිහිනය අපට අකුලා ගන්න සිදුවෙනවා. එසේ නැත්නම් නිව් ප්‍රොට‍්‍රස් එනර්ජි සමාගම ඉදිරියේ දණින් වැටී අනේ අපේ ගෑස් ටිකත් උඹලම ගොඩදාපල්ලා කියන්න වේවි.

මෙහි මිල සූත‍්‍රය හදලා තිබෙන්නේ ඇමෙරිකන්කාරයට රට හූරාගෙන කන්න පුළුවන් ලෙසයි. මෙය හුදෙක් ගිවිසුමක් පමණක් නොව රට බරපතළ අනතුරකට දැමීමක්. මෙම ටෙන්ඩරය ඇමරිකානු සමාගමට ලබාදීම රාජතාන්ති‍්‍රක ප‍්‍රශ්නයක්. චීන සහ පාකිස්තානු රාජ්‍යයන් හි සමාගම් සඳහා ටෙන්ඩර් පටිපාටියේ හිමිවූ ටෙන්ඩරය, ටෙන්ඩර් පටිපාටියේ නොසිටි සමාගමකට ලබාදීම රාජතාන්ති‍්‍රක ගැටලූවක්.

මිතුරුකම් කළ රාජ්‍යයන් හි අතගසා දමා හතුරුකම් කළ රාජ්‍යයන්ට රටේ සම්පත් ලබාදීම බරපතළ තත්ත්වයක්. අපට මෙමගින් මිත‍්‍ර රටවල් පවා අහිමි වෙනවා. ඒ නිසා මෙය සෑම අතින්ම රටට අයහපතක් වෙන ව්‍යාපෘතියක්.

ඇමැතිකම් දරාගෙන ආණ්ඩුව කරන සෑම දෙයටම යහපති යහපති කියන්න අපට බැහැ. එහෙම හිටියොත් අනාගත පරපුර අපට සාප කරාවි. ඇමැතිධුර පමණක් නොව ඒ වෙනුවෙන් ඕනෑම පූජාවක් කරන්න අප ලෑස්තියි. මව්බිම සුරකින අරගලයට එක්වන ලෙස සමස්ත ජාතියෙන් ඉල්ලා සිටිනවා.

ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ ප‍්‍රධාන ලේකම් අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා

අද පක්‍ෂ 12කට වැඩි ප‍්‍රමාණයක් සමග ආණ්ඩුවේ මතවාදයකට එරෙහිව පෙරළියක් කරන්න සිදුවෙලා තියෙනවා. ආණ්ඩුව පෙරලන්න නෙමෙයි. ගෝඨාභය ජනාධිපතිතුමා අර්බුද රාශියක ඉන්නේ. අපට අයිතියක් තියෙනවා මහජනතාවට මේ ප‍්‍රශ්නය කියන්න. තෙල්, විදුලිය, වරාය වෘත්තිය සමිති එක මතකයකට ඇවිත් ඉන්නවා. මේ රටේ වෘත්තීය සමිති තමයි මේ රටට ආදරය කරන අය. අවුරුදු 5කට බලය දුන්නා කියලා ඉදිරි අවුරුදු ගණනාවටම රට පාවාදෙන්න බෑ.

එල්එන්ජී බලාගාරය ගැන අපේ ඇමැතිවරුන්, විද්වතුන් කතා කළාම මේ රට අද විවිධ ජාතීන්වල යුද කඳවුරක් බවට පත්වෙමින් තිබෙනවා.

අපේ ආර්ථික මර්මස්ථාන ජාතිය සතුව තිබිය යුතුයි. අපි එකතුවෙලා ශක්තිමත් රටක් හදන වැඩපිළිවෙළකට ඔබ සැමගේ සහයෝගය ලබාදෙන්න.

මේක අත්සන් කළ බව දන්නේ මහා භාණ්ඩාගාරයේ ලේකම් කියලයි ආරංචිය.

කැලණිය විශ්වවිiාලයේ මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි :

ඇයි මැති ඇමැතිගොල්ලා අපිට පැමිණිලි කරන්නේ. එල්එන්ජී බලාගාරය ගැන අපෙන් අහන්න දෙයක් නැහැ. එල්එන්ජී බලාගාරය විතරක් නොවෙයි රටේ තවත් කවර සම්පතක්වත් විකුණනවාට අපි කැමැති නැහැ.

මේ ආණ්ඩුව පත් කරන්න ඡුන්දය දුන් 69 ලක්‍ෂයේ ජනතාව ඉතාම කලකිරීමෙන් ඉන්නේ. මේ වෙලාවේ රටට හිතකර ව්‍යවස්ථාවක් සැපයිය යුතුයි. මේ රටට හිතකර එකම නීතියක් තමයි ව්‍යවස්ථාව තුළින් සැකසිය යුත්තේ. මේ ආණ්ඩුව පත් කළේ රටේ සම්පත් විදේශීය රටවල්වලට විකුණන්න නොවෙයි. දේශපාලන තන්ත‍්‍රය හා පරිපාලන තන්ත‍්‍රය දෙවිදියකට කි‍්‍රයාකළොත් ගැටලූ ඇති වෙනවා.

මෙහිදී අදහස් දැක්වූ ජල සම්පාදන ඇමැති වාසුදේව නානායක්කාර මහතා :

මේ ආණ්ඩුවේ කි‍්‍රයා කලාපය බරපතළ ප‍්‍රශ්න ඇති කරන්නක් වෙලා තිබෙනවා. අපි හිත් අමාරුවෙන් ඉන්න අවස්ථාවේ අපේ දුක එකිනෙකාට කියා ගත්තා. ඉන්පසුව තමයි අප මෙය ජනතාවට කියන්න කටයුතු කරන්නේ. අප දකින මෙම අනතුර ගැන ජනතාවට කරුණු කියන්න අපට අවශ්‍යයි. අප හදූ ආණ්ඩුව යටතේ යම් යම් කි‍්‍රයාකලාපවලට එකහෙළා විරුද්ධවීමට අපට අයිතියක් තිබෙනවා. එම අවස්ථාව අප මෙසේ ප‍්‍රයෝජනයට ගන්නවා. අපට ආවට වඩා දුෂ්කර ගමනක් යන්න තිබෙනවා. අප මේ කිරීමට උත්සාහ කරන සද්කාර්ය දේශපාලන දැනුමක් ඇති අය අතරට ගෙන යෑම පහසුයි. නමුත් දේශපාලන දැනුම අඩු අයට එය ගෙන යන්න අමාරු වේවි. නමුත් කෙතරම් දුෂ්කර වුවත් රටේ ජාතික යහපත, රටේ ජනතාවගේ අනාගත යහපත වෙනුවෙන් එය කළ යුතු වෙනවා. රටට, මව්බිමට හිතවත් ආණ්ඩු පෙළගැස්මක් කරන්න අප කටයුතු කරනවා. එය කෙසේ වේවිද යන්න දැන්ම විනිශ්චය කරන්න බැහැ. අපට කිසිවක් කඩන්න අවශ්‍ය නැහැ. අප වැඩ කරන්නේ රට සහ රටේ ජනතාව වෙනුවෙන්.

අපේ ජනබල පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර පූජ්‍ය අතුරලියේ රතන හිමි :

මෙම ආණ්ඩුව අපි ගෙනාවේ ජාතික ආර්ථිකයක් වෙනුවෙන්. එහි ප‍්‍රධාන එකක් තමයි බලශක්ති නිදහස. එය බිඳවැටුනොත් ජාතික ආර්ථිකයක් ගොඩනගන්නේ කෙසේද? මේ ආණ්ඩුව හරි පැත්තට ගෙන යෑමට අපට විශාල වගකීමක් තිබෙනවා. බලයට පත්වූ පසු ජනතාව පැත්තක. රටට හිතකර ප‍්‍රතිපත්තියකට ආණ්ඩුව ගෙන යෑම අපේ වගකීමයි.

විදුලි ඉංජිනේරු සංගමයේ සීමාසහිත ඉංජිනේරු අතුල වන්නිආරච්චි මහතා :

මෙම නිව් පොට‍්‍රස් ඇමරිකානු සමාගමේ ඉතිහාසය දූෂිතයි. ඔවුන්ගේ කටයුතු නිසා රටවල් ගණනාවක් අපහසුතාවට පත්වෙලා තිබෙනවා. මෙම සමාගම සෑම අතින්ම අසමත් සමාගමක්. හරියට කියනවානම් මෙය අබ්බගාත සමාගමක්. මෙවැනි සමාගමකට සියල්ල අයිති වූ පසු ඇතිවිය හැකි ප‍්‍රතිවිපාක අතිමහත්. අපගේ ඉතා සුළු දෙයකට පවා ඔවුන්ට දැඩි තීරණ ගන්න පුළුවන් වෙනවා. එම නිසා කිනම් ආකාරයකින් බැලූවත් මෙම තත්ත්වය රටට අයහපතක් ගෙන දෙන්නක්.

ජාතික කොංග‍්‍රස් නායක හිටපු අමාත්‍ය ඒ. එල්. එම්. අතාවුල්ලා මහතා :

මේ රටට හොඳ ව්‍යවස්ථාවක් හදන්න ඕන. එදා තිබුණු අධිරාජ්‍යවාදය අද වෙන ක‍්‍රමයකින් මේ රටට ඇතුල් වෙලා. එකම රටක් එකම නීතියක් කිව්වා. අපි සංතෝෂ වුණා. අද මේ රටේ නීති දහසක් තිබෙනවා.

මෙහිදී ජීවබල විදුලි ඉංජිනේරු සංගමයේ හිටපු සභාපති පරාක‍්‍රම රණසිංහ, කොමියුනිස්ට් පක්‍ෂයේ ප‍්‍රධාන ලේකම් විශේෂඥ වෛi ජී. වීරසිංහ යන මහත්වරුද මෙහිදී කතා කළහ.

සිරිමන්ත රත්නසේකර, ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන් ඡායාරූපය – ජූඞ් ඩෙන්සිල් පතිරාජ, කමල් බෝගොඩ

advertistmentadvertistment
advertistmentadvertistment