ඇමතුමකින් නඩත්තු සේවා ලබා දිය හැකි නවතම ” ‍Handy Master ”‍ සේවාව Fara Holdings හඳුන්වා දෙයි

39

Fara Holdings (පුද්.) සමාගම කොළඹ නගරය කේන්ද්‍ර කර ගනිමින් දුරකථන ඇමතුමකින් නඩත්තු සේවාවන් ලබාදිය හැකි සිය ”‍Handy Master”‍ සේවාව හඳුන්වා දීම පසුගියදා සිදුකළේය.

මූලික පියවරක් ලෙස කොළඹ 01 සිට 15 දක්වා ප්‍රදේශවල නිවාස, මහල් නිවාස හෝටල්, වෙළෙඳසැල් ඇතුළු ඕනෑම ආයතනයක සිවිල් සහ MEP (කාර්මික, විදුලි සහ ජලනල) නඩත්තු සේවාවන් සැපයීම මෙම සේවාව මගින් සිදුකරන අතර, ජාතික අවශ්‍යතාවයක් සපුරාලීම වෙනුවෙන් මෙම සේවාව ඉදිරියේදී දිවයින පුරා ව්‍යාප්ත කිරීමටද නියමිතය.

මෙම ”‍Handy Master”‍ සේවා පාරිභෝගිකයින් හට 1336 යන අපගේ ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ වගේම මෑතකදි හඳුන්වා දෙනු ලැබූ Handy Master ජංගම දුරකථන යෙදවුම ඔස්සේ ඉතා පහසුවෙන් සේවාවන් ලබාගත හැකිවීමද විශේෂත්වයකි.

ගොඩනැගිලි නඩත්තු කිරීමේ කාර්යයේදී පාරිභෝගිකයන් මුහුණදෙන අභියෝග තේරුම් ගත් Fara Holdings සමාගම,’එයට විසඳුමක් වශයෙන් ක්ෂණික දුරකථන ඇමතුමකින් හෝ ජංගම දුරකථන යෙදවුම්ක් ස්පර්ශ කිරීමෙන් කාර්යක්ෂම සහ වඩාත් ඵලදායී සේවාවක් ලබාදීමේ සන්නාමයක් හඳුන්වා දී ඇත. මේ ඔස්සේ අපගේ ගනුදෙනුකරුවන්ට වෘත්තීය නිපුණත්වයකින් සහ කුසලතාවයෙන් යුතු කණ්ඩායමකගේ ඉහළ සේවා ක්ෂණිකව සහ නියමිත වේලාවට අපගේ ගනුදෙනුකරුවන් වෙත ලබාදීමට අපට හැකියාව ලැබී ඇත.

Fara Holdings ආයතනයේ නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරි තුවාන් ෆර්සාන් මහතා විසින් Handy Master”‍ සේවාව හඳුන්වා දුන් අයුරු.

ඡායාරූපය – නිශාන් එස්. ප්‍රියන්ත

advertistmentadvertistment
advertistmentadvertistment