ඇමරිකන් ඇඟිල්ලට චීනයෙන් රැවිල්ලක්!

411

ශ්‍රී ලංකාවට අයිඑම්එෆ් ලැබෙයිද?

චීන ශ්‍රී ලංකා සහයෝගිතාවයට ඇඟිලි ගැසීම නවතා ඇමෙරිකාව ශ්‍රී ලංකාවට උපකාර කළ යුතු යැයි චීනයේ විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා මාඕ නින්ග් මහත්මිය පවසා ඇත.

ශ්‍රී ලංකාව මුහුණපා ඇති ආර්ථික අර්බුදයෙන් මිදීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැඩසටහන හා සම්බන්ධ වෙමින් ශ්‍රී ලංකාවේ ණය තිරසරභාවයට අවශ්‍ය සහාය ලබාදීමට චීනය කටයුතු කරන බවද එම ප්‍රකාශිකාව සඳහන් කර තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය සහන ලබාගැනීම සඳහා චීනය ශ්‍රී ලංකාවට ලබාදුන් වසර දෙකක ණය සහන කාලය ප්‍රමාණවත් නොවන බවට ඇමරිකානු දේශපාලන කටයුතු පිළිබඳ නියෝජ්‍ය රාජ්‍ය ලේකම් වික්ටෝරියා නියුලන්ඩ් මහත්මිය ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වෙමින් කළ ප්‍රකාශය සම්බන්ධව අදහස් දක්වමින් ඇය මේ බව පවසා ඇත.

චීනයේ ආනයන අපනයන බැංකුව ශ්‍රී ලංකාවට ණය තිරසාරභාවය සඳහා සහාය ප්‍රකාශ කිරීමේ ලිපිය ලබාදී ඇති බවත් ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ඊට ධනාත්මක ප්‍රතිචාරයක් දක්වා ඇති බවත් මාඕ නින්ග් මහත්මිය සඳහන් කර තිබේ.

ශ්‍රී ලංකාව චීනයට ඇති ණය සම්බන්ධයෙන් නිසි විසඳුමක් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාව සමග සාකච්ඡා කිරීමට චීන මූල්‍ය ආයතනවලට අවශ්‍ය සහාය ලබාදීම ද සිදු කරන බව පවසන එම මහත්මිය අදාළ රටවල් සහ ජාත්‍යන්තර මූල්‍ය ආයතන සමග කටයුතු කිරීමට චීනය සූදානමින් සිටින බවත් වැඩිදුරටත් සඳහන් කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment