ඇමරිකානුවන් 400ක් දිනකට කොරෝනාවෙන් මියයද්දී ජනපති බයිඩන් වසංගතය අවසන් කරයි

276

කොරෝනා ආසාදනයට ගොදුරු වීමෙන් දිනකට ඇමරිකානුවන් 400 ක් පමණ දෙනා මිය යන වාතාවරණයක් පැවතියදී ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් විසින් ඇමරිකා එක්සත් ජනපදය තුළ කොරෝනා වසංගතය අවසන් බවට නිල වශයෙන් නිවේදනය කර තිබේ. රට තුළ කොරෝනා වසංගතය සම්බන්ධයෙන්

ගැටලුකාරී තත්ත්වයක් තවමත් පවතින බව පිළිගෙන ඇති ඇමරිකානු ජනාධිපතිවරයා කෙසේ වුවද තත්ත්වය ශීඝ්‍රයෙන් පාලනය වෙමින් පවතින බව සඳහන් කර තිබේ.

කෙසේ වුවද ඇමරිකා එක්සත් ජනපදයේ ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ දත්ත වාර්තා පෙන්වා දෙනුයේ තවමත් ඇමරිකාවේ දිනකට කොරෝනා ආසාදනයට ගොදුරු වීම හේතුවෙන් පුද්ගලයන් 400 දෙනෙකුට වඩා මිය යන බවයි. ඉකුත් සතියේදී කොරෝනා ආසාදනයට ගොදුරු වීමෙන් ඇමරිකාව තුළදී පුද්ගලයන් 3000කට අධික පිරිසක් මිය ගොස් ඇති බව අනාවරණය වී තිබේ. ඇමරිකානු ජනාධිපතිවරයාගේ කොරෝනා වසංගතය අවසන් කිරීමේ නිවේදනය හේතුවෙන් දැනට රට තුළ ක්‍රියාත්මක වන කොරෝනා වසංගතය හදිසි මහජන සෞඛ්‍ය තත්ත්වයක් බවට පත් කිරීමේ නිවේදනය ඉවත් කර නොගන්නා බව සෞඛ්‍ය බලධාරීහු සඳහන් කර තිබේ. ඇමරිකානු රූපවාහිනී වැඩසටහනකට සහභාගී වෙමින් ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් පවසා ඇත්තේ රට තුළ කොරෝනා වෛරසය පැතිරීම පාලනය කිරීම සඳහා බලධාරීන් විසින් තවදුරටත් දැවැන්ත කාර්යභාරයක් ඉටු කරමින් සිටින බවයි. කොරෝනා වසංගතය පැතිරීම ආරම්භ වීමෙන් පසු මේ දක්වා වූ කාලය තුළ ඇමරිකානුවන් මිලියනයකට අධික පිරිසක් රෝගයට ගොදුරු වීමෙන් මිය ගොස් ඇති බව වාර්තා වී තිබේ.

සංස්කරණය
ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment