ඇමරිකානු කාන්තාවකගෙන් එංගලන්තයේ ඇන්ඩෘ කුමරුට එරෙහිව අතවර චෝදනා

509

එංගලන්තයේ දෙවැනි එලිසබෙත් මහ රැජිනගේ දෙවැනි පුත් ඇන්ඩෘ කුමරු විසින් තමාට වයස අවුරුදු 17 දී ලිංගික අතවර කළ බවට චෝදනා කරමින් ඇමරිකානු කාන්තාවක් නිව්යෝර්ක් නගරයේ අධිකරණයක සිවිල් නඩුවක් ගොනු කර තිබේ. 38 හැවිරිදි වියෙහි පසුවන ඇමරිකා එක්සත් ජනපදයේ වර්ජිනියා ගියුෆ්රේ විසින් නඩුවක් ගොනු කරමින් චෝදනා කර ඇත්තේ ඇන්ඩෘ කුමරු විසින් තමාට වයස අවුරුදු 17 දී එංගලන්තයට ගෙන ගොස් අතවර කළ බවයි. දැනට 61 වැනි වියෙහි පසුවන ඇන්ඩෘ කුමරු ලංඩනයේදී මෙන්ම නිව්යෝර්ක් නගරයේදී අතවර කළ බව ඇය පවසන්නීය.

 නිව්යෝක් නගරයේ ළමා අපචාර පිළිබඳ පනත යටතේ ගොනු කර ඇති මෙම නඩුව පිළිබඳව පැවසීමට කිසිවක් නැතැයි ඇන්ඩෘ කුමරුගේ ප‍්‍රකාශිකාව විසින් පවසා තිබේ. ඇන්ඩෘ කුමරු විසින් මෙම අතවර චෝදනා දිගින් දිගටම ප‍්‍රතික්ෂේප කර ඇත.

සංස්කරණය ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment