ඇමරිකානු කොංග්‍රස් මණ්ඩල ඡන්දයේ ජය විපක්ෂයට

247


ඉකුත් සතියේ පැවති ඇමරිකානු කොංග්‍රස් මණ්ඩලයට නියෝජිතයන් තෝරා පත් කර ගැනීම සඳහා වූ ජන්ද විමසීමේදී ප්‍රධාන විපක්‍ෂය වන රිපබ්ලිකන් පක්‍ෂය කොංග්‍රස් මණ්ඩලයට අයත් මහජන නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ (හවුස් ඔෆ් රෙප්රසෙන්ටේටිව්ස් ) බහුතර බලය සුළු වැඩි ආසන සංඛ්‍යාවකින් ජය ගෙන තිබේ .
ඇමරිකානු මහජන නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ 435ක් වන මුළු ආසන සංඛ්‍යාවෙන් බහුතරය වන ආසන 218ක් මේ වන විට රිපබ්ලිකන් පක්‍ෂය විසින් දිනා ගෙන ඇති අතර තවත් ආසන කිහිපයක ප්‍රතිපල ප්‍රකාශයට පත් කිරීමට නියමිතව පවතින වාතාවරණයක් තුළ මුළු ජන්ද ප්‍රතිපලය නිකුත් කිරීමෙන් පසු රිපබ්ලිකන් පක්‍ෂයට එම මන්ත්‍රී මණ්ඩලයේ ආසන 223ක් දක්වා සංඛ්‍යාවක් හිමි වනු ඇති බවට මේ වන විට අනාවැකි පළ වී තිබේ .

advertistmentadvertistment
advertistmentadvertistment