ඇමරිකානු තානාපතිනිය සම්බන්ධන් සමඟ රහස් සාකච්ඡාවක

288

මෙරට නව ඇමරිකානු තානාපතිනි ජුලි චැන්ග් ශ‍්‍රී ලංකාවේ හමුදා නිලධාරීන්ට එල්ල වී ඇති යුද අපරාධ චෝදනාවලට සම්බන්ධ වගවීමේ කි‍්‍රයාවලිය ගැන ද්‍රවිඩ සන්ධාන නායක ආර්. සම්බන්ධන් සමඟ රහස් සාකච්ඡුාවක් පවත්වා ඇත. ඇය මෙහිදී තවදුරටත් පවසා ඇත්තේ උතුරේ ද්‍රවිඩ ජනතාවගේ අර්බුදය වෙනුවෙන් දේශපාලන විසඳුමක් ලබාදීමට ඇමරිකාව සහය වන බවයි.

නව ඇමරිකානු තානාපතිනියගේ මේ සාකච්ඡුාව මෙරට අභ්‍යන්තර කටයුතුවලට සෘජුව මැදිහත්වීමක් බව රජයේ ආරංචි මාර්ග පැවැසීය. ඇය සමඟ සාකච්ඡුාවට ද්‍රවිඩ සන්ධාන මන්ත‍්‍රී එම්. කේ. සුමන්තිරන් මහතා ද සහභාගි වී තිබේ. නව ඇමරිකානු තානාපතිනිය ද්‍රවිඩ සන්ධන නායකයා හමුවීමට පෙර ජනපති ඇතුළු රජයේ බලධාරීන් හමුවී සාකච්ඡුා කර නැත.

කීර්ති වර්ණකුලසූරිය
 

advertistmentadvertistment
advertistmentadvertistment