ඇමරිකානු ප්‍රහාරක යානාවක් ඇලස්කා අහසේ ගමන් කළ අද්භූත වස්තුවකට වෙඩිතබා වනසයි

420

ඇමරිකානු ගුවන් හමුදාව ඇලස්කා අහසේ පියාසර කළ නාඳුනන වස්තුවකට වෙඩිතබා විනාශ කර ඇත.

ජනපති බයිඩන් ඊට අවසරය දී තිබේ. වෙඩි ප්‍රහාර එල්ලවූ එම නාඳුනන වස්තුව මුහුදට කඩාවැටී තිබේ. එහි කොටස් මෙතෙක් සොයාගෙන නැත. මෙයට පෙර චීන ඔත්තු සේවා බැලුනයකට ද ඇමරිකානු ප්‍රහාරක යානාවකින් ප්‍රහාර එල්ලවිය.

ඇලස්කා අහස් කලාපයේ පැයට සැතපුම් 20ත් 40ත් අතර වේගයකින් ගමන් කළ මෙය පියාඹන පීරිසියක් දැයි වාර්තාවී නැත. ඇමරිකානු රේඩාර් යානාවක් මෙම නාඳුනන වස්තුව පසුපස යද්දී එය ගමන් මග වෙනස් කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment