ඇමරිකානු පුරවැසි භාවය ඇති ශ්‍රී ලාංකිකයන්ගේ ජිල්මාට් සොයයි

875

මුදල් විශුද්ධිකරණ සහ දූෂණ ක්‍රියා සිදුකළ ඇමරිකානු පුරවැසියන් වූ ශ්‍රී ලාංකිකයන් පිළිබඳ පරීක්‍ෂණ පැවැත්වීමට ඇමරිකානු කොන්ග්‍රසය සහ එරට අධිකරණ දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

ඇමරිකාවේ ක්‍රියාත්මක විදේශ දූෂණ ක්‍රියා පනත යටතේ මෙම විමර්ශන ආරම්භ කෙරේ. ඒ සඳහා වූ යෝජනාවක් කොන්ග්‍රස් මන්ත්‍රී ස්ටීවන් නෝර්ස්පෝඩ් විසින් කොන්ග්‍රස් සභාවට ඉදිරිපත් කර තිබේ.

මෙම කොන්ග්‍රස් පරීක්‍ෂණයේදී ඇමරිකාවේ පදිංචි ශ්‍රී ලාංකිකයන් අයථා ලෙස බැංකු ගිණුම් පවත්වාගෙන යන බවට හෙළිවීම හෝ දේපළ සහ නිවාස මිලයට ගැනීම ගැන තහවුරුවීම හෝ වුවහොත් එම සියලු දේ රාජසන්තක කර දඩයක්ද නියම කළ හැකිය.

ඇමරිකානු කොන්ග්‍රසය මෙයට පෙරද ශ්‍රී ලංකාවේ හමුදාවට එරෙහිව යෝජනාවක් සම්මත කර තිබුණි.

ඇමරිකානු ආරංචි මාර්ග පැවසුවේ ඇමරිකාවේ පදිංචි ශ්‍රී ලාංකිකයන් 10 දෙනෙකු ගැන මෙම පරීක්‍ෂණ පැවැත්වෙන බවයි.
කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment