ඇමරිකානු මුල්‍ය ආයතනයක්  ශ්‍රී ලංකාවට නඩු දමයි

199

ශ්‍රී ලංකාව නිකුත් කළ ස්වෛරී බැඳුම්කර ද්විත්වයක් සඳහා ආයෝජනය කළ ඇමරිකානු මුල්‍ය ආයතනයක් සිය මුදල් සහ ඊට අදාළ පොලිය ගෙවන ලෙස ඉල්ලා ඇමරිකාවේ මෑන්හැට්න් නගරයේ පිහිටි දිස්ත්‍රික් අධිකරණයක නඩු පවරා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

හැමිල්ටන් රිසව් බැංකු සමාගම විසින් ශ්‍රී ලංකාව වෙනුවෙන් ආයෝජනය කළ ඩොලර් මිලියන 257.5 කට සහ ඊට අදාළ පොලිය ද ගෙවන ලෙස ඉල්ලමින් මෙලෙස අධිකරණ ක්‍රියාමාර්ගයකට යොමුව ඇත.

ශ්‍රී ලංකාව නිකුත් කළ ඩොලර් බිලියනයක ස්වෛරී බැඳුම්කරය ලබන මස 25 දා කල් පිරීමට නියමිත අතර එම ඇමරිකානු මුල්‍ය ආයතනය වැඩිදුරටත් කියා සිටින්නේ ශ්‍රී ලංකාව මේ වනවිට ස්වෛරී බැඳුම්කර ද්විත්වයක් සඳහාම ගෙවීම් පැහැර හැර ඇති බවයි.

සුජීව තත්සර
 

advertistmentadvertistment
advertistmentadvertistment