ඇමරිකානු ලේකම්  ශ‍්‍රී ලංකාවට පැමිණීමේ රහස හෙළිවෙයි

2068

දේශපාලන කටයුතු පිළිබද ඇමරිකානු ලේකම් වික්ටෝරියා නුලන්ඞ් මෙරටට පැමිණියේ ඉන්දු ශාන්තිකර කලාපීය ආරක්‍ෂක ගිවිසුමට ශ‍්‍රී ලංකාවේ එකඟතාව ලබාගැනීම සඳහා යයි ඉහළ පෙළේ ආරංචි මාර්ග පැවැසීය.

මෙම ආරක්‍ෂක ගිවිසුමට ඉන්දියාව සහ මාලදිවයින යන රටවල් සම්බන්ධ වී ඇති අතර ශ‍්‍රී ලංකාව මෙතෙක් ඊට අනුමැතිය දී නැත. කුවොඞ් නමින් හඳුන්වන මෙම ගිවිසුමට ඉන්දියාව සමඟ එක්ව කටයුතු කිරීමට ශ‍්‍රී ලංකාව එකඟ වී ඇති බව ඉන්දීය මාධ්‍ය මුල්වරට අනාවරණය කර තිබිණි.

එම ආරක්‍ෂක ගිවිසුමේ කොන්දේසි ඉන්දියාව විසින් ශ‍්‍රී ලංකා රජයට දැනුම්දී ඇතත් ශ‍්‍රී ලංකා රජය එම කොන්දේසි ජනතාවට අනාවරණය කර නැත.

රජයේ ඉහළ පෙළේ ආරංචිමාර්ග දැක්වූයේ ඇමරිකානු ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ ලේකම්වරියක් වූ ආමන්දා ගෝරිද ශ‍්‍රී ලංකාවට පැමිණීමට නියමිත බවයි.

කීර්ති වර්ණකුලසූරිය
 

advertistmentadvertistment
advertistmentadvertistment