ඇමරිකානු හමුදාව ඇෆ්ගන් බග්රම් කඳවුරෙන් පිටව යද්දී උපාංග 17600ක් විනාශ කරලා

357

 ඇමරිකානු හමුදාව ඇෆ්ගනිස්තානයේ බග්රම් ගුවන් කඳවුරෙන් රහසේ පිටව යද්දී සන්නද්ධ රට ඇතුළු විවිධ භාණ්ඩ මිලියන 3.5 ක් අත්හැර ඇතැයි අනාවරණය වී ඇත.
 
 මේ හැර අධි තාක්ෂණික උපාංග ඇතුළු උපකරණ 17000 කට අධික තොගයක් විනාශ කර තිබේ. ඇතැම් හමුදා බැරැුක්කවල තිබූ ද්‍රව්‍ය ඇෆ්ගන් හමුදාවට ලබාදී ඇත. ශක්තිය වඩවන බීම වර්ග සහ වතුර බෝතල් මෙන්ම ජංගම දුරකථන ද අත්හැර දමා තිබේ. මෙයට අමතරව ආයුධ 900 ක් සන්නාහ වාහන 30 ක් යුද හමුදා පිකප් රථ 20 ක් ඇෆ්ගන් හමුදාව වෙත ලබාදීමට ඇමරිකානු හමුදාව කි‍්‍රයා කර ඇත. ඇෆ්ගනිස්තානයේ කාබුල්හි ඇමරිකානු තානාපති කාර්යාලයේ මේ වනවිට 4000 කට අධික කාර්ය මණ්ඩලයක් සේවය කරන බව ද හෙළි වී තිබේ.
 

advertistmentadvertistment
advertistmentadvertistment