ඇමරිකානු හමුදා ඇෆ්ගන් ගුවන් තොටුපළේ විදුලි පහන් නිවා පිටව යති

263

වසර 20 ක් තිස්සේ ඇෆ්ගනිස්ථානයේ බග්රම් ගුවන්තොටුපළ පාලනය කළ ඇමෙරිකානු හමුදාව විදුලි පහන් නිවාදමා පිටව ගොස් ඇත.
 
 මෙම ගුවන් තොටුපළේ පාලනය භාරගැනීමට පැමිණි නව ඇෆ්ගන් අණදෙන නිලධාරියා ද ඇමෙරිකානු භටයන් ගුවන්තොටුපළින් පිටව ගොස් ඇති බව දැනගෙන ඇත්තේ පැය 2කට පසුවය.
 
 බග්රම් ගුවන් තොටුපළින් පිටව යෑමට පෙර ඇමෙරිකානු ආරක්‍ෂක බලධාරීන් පසුගිය සිකුරාදා පැවසුවේ ඇෆ්ගනිස්තානයේ විශාලතම ගුවන් කඳවුරෙන් සහ ගුවන් තොටුපළින් සිය හමුදා පිටව යන බවයි.
 
 බග්රම් ගුවන්තොටුපළේ නව ඇෆ්ගන් හමුදා නායක ජනරාල් මිර් කොහිස්තානි සඳහන් කළේ අලූයම 7ට ඇමෙරිකානු හමුදාව පිටව ගිය බවයි.
 
 ඇමෙරිකානුවන් පිටව යෑමත් සමගම බග්රම් ගුවන් තොටුපළ අසල තිබූ ඇමෙරිකානු කඳවුරුවල භාණ්ඩ ද කොල්ලකෑමට ලක්වී ඇත.
 
 හමුදා ප‍්‍රධානි කොගිස්තානි පැවසුවේ තාලිබාන් ප‍්‍රහාරයකට මුහුණදීමට බග්රම් ගුවන්තොටුපළේ ඇෆ්ගන් භටයන් හැකිි බවයි.

advertistmentadvertistment
advertistmentadvertistment