ඇමරිකාවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 7ක ඖෂධ

59

ඇමරිකාවේ හදවතට හදවතක් (Heart to Heart) ජාත්‍යන්තර ආයතනය විසින් ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 7.2 ක් වටිනා ඖෂධ තොගයක් පරිත්‍යාග කර ඇත.

ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතාගේ මඟපෙන්වීම මත තෙවැනි වරටත් එම ආයතනය විසින් මෙලෙස අත්‍යවශ්‍ය ඖෂධ තොගය පරිත්‍යාග කිරීමට පියවරගෙන තිබේ.

මෙම ඖෂධ අතර අධිරුධිර පීඩනය සහ අනෙකුත් හෘද රෝග වලට ප්‍රතිකාර සඳහා අවශ්‍ය ඖෂධ, ශරීරයේ අඩු පොටෑසියම් මට්ටමට ප්‍රතිකාර සඳහා අවශ්‍ය හදිසි ඖෂධ මානසික තත්ත්වයන්ට ප්‍රතිකාර කිරීම සඳහා අවශ්‍ය ඖෂධ ආතරයිටීස් පාලනය සඳහා භාවිත කරන ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය ඖෂධ රැසක් අඩංගු බව ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment