ඇමරිකාවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 6ක  හදිසි ආධාරයක්

226

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයෙන් පීඩාවට පත් වූ ජනතාවගේ අවශ්‍යතා සපුරාලීම සඳහා ඩොලර් මිලියන 6ක හදිසි ආධාරයක් ලබා දීමට ඇමෙරිකාව තීරණය කර ඇත. ඒ බව එක්සත් ජනපදය ඊයේ (16දා) නිවේදනය කළේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අපේක්ෂිත වැඩසටහනට අනුකූලව ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා ආර්ථික හා මූල්‍ය ප්‍රතිසංස්කරණ ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කරන බැවින් මෙම නව අරමුදල් සමග ශ්‍රී ලංකා රජයට තාක්ෂණික සහාය ද ලබා දෙනු ඇතැයි ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලය පවසයි.

අද පවතින ආර්ථික හා දේශපාලන අභියෝගවලට මුහුණ දෙන ශ්‍රී ලාංකික ජනතාවට සහාය දැක්වීමට එක්සත් ජනපදය කැපවී සිටින බව ද, දිගුකාලීන සංවර්ධන හවුල්කරුවකු ලෙස, තිරසාර ආර්ථික වර්ධනයක් සහ යහපාලනයක් ප්‍රවර්ධනය කරන ප්‍රයත්නයන් දිගටම කරගෙන යන බව ද ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිනි ජුලී චන්ග් පැවසුවාය.

ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද ඒජන්සිය හරහා මෙම හදිසි අරමුදල් ලබා දෙනු ඇත

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment