ඇමරිකාවේ උසස් පාසලක වෙඩි තැබීමකින් තුනක් මරුට

221

නාඳුනන තුවක්කුකරුවකු විසින් පෙරේදා (24දා) ඇමරිකා එක්සත් ජනපදයේ මිසුරි ප්‍රාන්තයේ ශාන්ත ලුස් ප්‍රදේශයේ පිහිටි උසස් පාසලකට කඩා වැදී සිදු කළ වෙඩි තැබීමකින් තුවක්කුකරු ඇතුළු තුන් දෙනෙකු මිය ගොස් තවත් හත් දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ.

මිසුරි ප්‍රාන්තයේ පිහිටි සෞන්දර්යය කලා විෂයන් උගන්වන උසස් පාසලට ඇතුළු වී එම පාසල් ගොඩනැගිල්ලේ දොරටු වසා දමා තුවක්කුකරු විසින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති අතර එම මොහොතේ පාසලේ සිසුන් හාරසීයක් පමණ දෙනා සිට ඇතත් තුවක්කුකරුගේ ගිනි අවිය වෙඩි තබමින් සිටින විටදී හදිසියේ අවහිර වීම හේතුවෙන් බොහෝ දෙනෙකුගේ ජීවිත බේරී ඇති බව පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබේ. වෙඩි තැබීම සිදු වූ උසස් පාසලේ ආදි ශිෂ්‍යයකු වූ දහනව හැවිරිදි තුවක්කුකරු ඔහුව කොටු කරගැනීම සඳහා පැමිණි පොලිස් නිලධාරීන් සමග ද වෙඩි හුවමාරුවක නිරතව සිට ඇත. අනතුරුව තුවක්කුකරු පොලිස් වෙඩි පහරකින් බරපතල තුවාල ලබා පසුව මිය ගොස් තිබේ. තුවක්කුකරු උසස් පාසලට ඇතුළු වූ ආකාරය හා වෙඩි තැබීමේ සිද්ධියට මුල් වූ හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

advertistmentadvertistment
advertistmentadvertistment