ඇමරිකාවේ ඔත්තු බැලීම් ලොවට හෙළි කළ ස්නෝව්ඩන්ට රුසියාවේ පුරවැසිභාවය

215

ඇමෙරිකන් ජාතික ආරක්ෂක ඒජන්සියේ ඔත්තු බැලීම් සම්බන්ධයෙන් වූ රහස් ලොවට අනාවරණය කරමින් මහත් ආන්දෝලනයක් ඇති කළ එඩ්වඩ් ස්නෝව්ඩන්ට රුසියාවේ පුරවැසි භාවය පිරිනැමීමට එරට ජනපති ව්ලැදිමීර් පුටින් පියවර ගෙන තිබේ.

වසර 9 ක් තිස්සේ 39 හැවිරිදි එඩ්වඩ් ස්නෝව්ඩන් රුසියාවේ ජීවත් වෙයි. එඩ්වඩ්ට ඇමෙරිකානු ෆෙඩරල් අත්අඩංගුවෙන් බේරීමට හැකිවූයේ රුසියාවට පැන ඒම නිසාය. ස්නෝව්ඩන් ද ඇමෙරිකන් ජාතික ආරක්ෂක ඒජන්සියේ නිලධාරියකු ලෙස කටයුතු කළ අයෙකි. ස්නෝව්ඩන් ඔහුට ලැබුණු රහස් තොරතුරු ප්‍රසිද්ධියට පත් කළේ 2013 වසරේදීය.

ඇමෙරිකා එක්සත් ජනපදය එරට පුරවැසියන්ගේ පමණක් නොව ලෝක රාජ්‍ය නායකයන්ගේ පවා බුද්ධි තොරතුරු රැස්කර ගත් බවට චෝදනා එල්ල වී තිබුණි. එසේම ඇමෙරිකා ආරක්ෂක අංශ පාප්තුමා ගැනත් ඔත්තු බලා ඇති බව ස්නෝව්ඩන් විසින් හෙළි කර තිබිණි

ස්නෝව්ඩන්ට පමණක් නොව, ඇමෙරිකාවේ උදහසට ලක් වී රුසියාවේ ජීවත් වන ඇමෙරිකන් පුරවැසියන් ද ඇතුළු තවත් විදේශිකයන් හැත්තෑ දෙදෙනකුට පුරවැසිභාවය පිරිනැමීමට රුසියන් ජනාධිපතිවරයා තීරණය කර ඇත.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment