ඇමරිකාවේ කැපිටල්හිල් අරගලය මෙහෙයවූ බළල් අත හෙළිවෙයි

484

ධවල මන්දිරයේ සිට අරගලකරුවකුට රහස් දුරකථන ඇමතුමක් පසුගිය ජනවාරි 6 දා ඇමරිකාවේ කැපිටල්හිල් මන්දිරයට විරෝධතාකරුවන් කඩාවැදුණු අවස්ථාවේ ධවල මන්දිරයේ සිට දුරකථන පණිවුඩයක් ලැබී ඇතැයි තාක්‍ෂණික උපදේශක ඩැන් රිගිමන් හෙළිකර ඇත.

 කැපිටල් හිල් සිද්ධිය ගැන විමර්ශනය කරන කමිටුව හමුවේ සාක්කි දෙමින් ඔහු මේ බව පවසා තිබේ.

 ධවල මන්දිර දුරකථන පද්ධතිය පරීක්‍ෂාවට ලක්කිරීමේදී එම දුරකථන ඇමතුම තහවුරු වූ බව හෙතෙම පළ කළේය.

 එම දුරකථන ඇමතුම අරගලකරුවකුට ලබාදුන් පුද්ගලයා කවුදැයි හෙළිවී නැත.

 මේ අතර කැපිටල්හිල් සිද්ධියට අදාළ මහජන සාක්කි විභාගය සැප්තැම්බර් 18 දා ආරම්භ විය.

advertistmentadvertistment
advertistmentadvertistment