ඇමරිකාවේ කොරෝනා පාලනය වැරදි මාර්ගයක ගමන් කරන බවට චෝදනා

196

ඇමරිකා එක්සත් ජනපදයේ කොරෝනා එන්නත් ලබා නොගත් පිරිස අතර කොරෝනා වෛරසය පැතිරීම වැඩිවීම හේතුවෙන් ඇමරිකාව කොරෝනා වසංගතය පාලනය කිරීමේ අංශයෙන් වැරදි මාර්ගයක ගමන් කරමින් සිටින බව ප‍්‍රමුඛ පෙළේ ඇමරිකානු වසංගත රෝග විද්‍යාඥයෙකු වන ඇමරිකානු ජනාධිපතිගේ උපදේශක වෛද්‍ය ඇන්තනි ඵවුකි පවසයි.

වෛද්‍ය ෆවුකිට අනුව ඇමරිකාවේ අඩු කොරෝනා එන්නත්කරණයක් සිදුව ඇති ප‍්‍රදේශවල ‘‘ඩෙල්ටා” කොරෝනා වෛරස් ප‍්‍රභේදය ශීඝ‍්‍රයෙන් පැතිර යෑම හේතුවෙන් එම ප‍්‍රදේශවලින් වාර්තා වන කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව වැඩි වී ඇති අතර මේ නිසා මෙතෙක් කොරෝනා එන්නත් මාත‍්‍රා දෙකම ලබා ගත් ඇමරිකානුවන්ට මුහුණු ආවරණ (මාස්ක්* නොමැතිව නිදැල්ලේ හැසිරීමට ලබා දී තිබූ අවස්ථාව ඉවත් කරගැනීම පිළිබඳව විශේෂඥයන්ගේ අවධානය මේ වන විට යොමුව තිබේ. කොරෝනා ආසාදනයට ගොදුරු වීමේ අවදානමක් පවතින පුද්ගලයන්ට තෙවැනි කොරෝනා එන්නත් මාත‍්‍රාවක් ලබා දීම කෙරෙහිද බලධාරීන්ගේ අවධානය යොමුව තිබේ. මේ වන විට ඇමරිකාවේ කොරෝනා වසංගතය එන්නත් ලබා නොගත් අය අතර පැතිරෙන වසංගතයක් වී ඇති බව වෛද්‍ය ෆවුකි පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment