ඇමරිකාවේ තුසිත ද සිල්වා මහරගම අපේක්‍ෂා රෝහලට මිලියන දෙකක උපකරණ කට්ටලයක් පරිත්‍යාග කරයි

336

ඇමරිකාවේ ජීවත්වන තුසිත ද සිල්වා තම ජිවිතයේ පනස්වැනි උපන් දිනය සමරමින් ඇමරිකාවේ දී පින්කම් රාශියක් සිදු කළේය. සෑම වර්ෂයකම ලංකාවේ විහාරස්ථාන රෝහල් හා දිළිඳු ජනතාව වෙනුවෙන් උපකාර කරන තුසිත ද සිල්වා මහතා සිය පනස්වැනි උපන් දිනය නිමිත්තෙන් මහරගම අපේක්‍ෂා රෝහලට අවශ්‍ය ඖෂධ හා අත්‍යාවශ්‍ය භාණ්ඩ ලබාදීමට කටයුතු කර ඇත. ඒ අනුව අපේක්‍ෂා රෝහලේ නව හදිසි ප්‍රතිකාර වාට්ටුව සඳහා රුපියල් මිලියන දෙකකට ආසන්න වටිනාකමින් යුතු උපකරණ කට්ටලයක් පරිත්‍යාග කිරීම සිදු කෙරුණි. එම උපකරණ කට්ටලය තුසිත ද සිල්වා මහතා වෙනුවෙන් අපේක්‍ෂා රෝහලේ අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය එස්.ඒ.ඒ.එන්. ජයසේකර මහතා වෙත පිරිනැමුවේ කැන්ලා ඉන්ටර්නැෂනල් ආයතනයේ අධ්‍යක්‍ෂවරුන් වන එන්.ඩබ්ලිව්.එස්.පී.කේ. නවරත්න හා ජේ.ඒ. වජිර ජයසිංහ යන මහත්වරුන් විසිනි. මෙම අවස්ථාවට මහරගම අපේක්‍ෂා රෝහලේ විශේෂඥ වෛද්‍ය රොෂාන් අමරතුංග මහතා ඇතුළු පිරිසක් සහභාගි වූහ. ඉදිරියේදී තවත් වෛද්‍ය උකරණ හා ඖෂධ පරිත්‍යාග කිරීමට අදහස් කරන බව තුසිත ද සිල්වා මහතා පවසයි.

ඇමරිකාවේ තුසිත ද සිල්වා මහරගම අපේක්‍ෂා රෝහලට මිලියන දෙකක උපකරණ කට්ටලයක් පරිත්‍යාග කරයි

ගාල්ල බලපිටියේ උපන් තුසිත කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ ආදී සිසුවෙකි. ඇමරිකා එක්සත් ජනපදයට ශ්‍රී ලාංකික සංගීත කණ්ඩායම්, ජනප්‍රිය ගායක ගායිකාවන් මෙන්ම නාට්‍ය ශිල්පීන් ගෙන්වා ප්‍රසංග සංවිධානය කරන්නන් අතර තුසිත ඉදිරියෙන් සිටී. මේ වනවිට ඉතා සාර්ථකව ප්‍රසංග 32 ක් තුසිතගේ තනි අනුග්‍රාහකත්වය යටතේ සංවිධානය කර තිබේ. තුසිතගේ බිරිඳ සුදර්ශනී වන අතර දුව පාරමි හා පුතු ලිතුම්වේ.

advertistmentadvertistment
advertistmentadvertistment