ඇමරිකාවේ දැවැන්ත සමාගම්වල සේවකයන්ට කොරෝනා එන්නත් අනිවාර්ය කරයි

117

ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් විසින් ඇමරිකා එක්සත් ජනපදයේ දැවැන්ත සමාගම්වල සේවය කරන සියලූ සේවකයන් වහාම කොරෝනා එන්නත් ලබා ගත යුතු බවට උපදෙස් දී තිබේ. එසේ කොරෝනා එන්නත් ලබා නොගන්නා එම සමාගම් සේවකයන් සතිපතා කොරෝනා පරීක්ෂණයකට පෙනී සිටිය යුතු බව ජනාධිපති බයිඩන් පවසා තිබේ.

එමෙන්ම මධ්‍යම රජයේ මිලියන ගණනක් වන ඇමරිකානු රජයේ සේවකයන් කොරෝනා එන්නත් ලබා ගැනීම අනිවාර්ය කිරීමටද ඇමරිකානු ජනාධිපතවරයා පියවර ගෙන තිබේ. ඩෙල්ටා ප‍්‍රභේදයේ ශීඝ‍්‍ර පැතිරීමත් සමගම ඇමරිකාවේ ප‍්‍රාන්ත ගණනාවක රෝහල් මේ වන විට ධාරිතාවය ඉක්මවන තත්ත්වයකට පැමිණ තිබීම නිසා මෙසේ නව කොරෝනා මර්දන පිළිවෙත් ප‍්‍රකාශ කිරීමට ඇමරිකානු ජනාධිපතිවරයා පියවර ගෙන තිබේ.

සංස්කරණය  – ඒමන්ති මාරඹේ
 

advertistmentadvertistment
advertistmentadvertistment