ඇමරිකාවේ දෙවැනි  ඔමික්‍රෝන් වසංගත රැල්ලක්

229

ඇමරිකා එක්සත් ජනපදයේ ශීඝ‍්‍රයෙන් පැතිර ගිය ඔමික්‍රෝන් වසංගත රැුල්ල මේ වන විට ක‍්‍රමයෙන් පහව යන ලකුණු පහළ වී ඇතත් ඔමික්‍රෝන් ප‍්‍රභේදයේ අනු ප‍්‍රභේදයක් වන ඒ – 2 හේතුවෙන් නැවත රට තුළ කොරෝනා වසංගත රැල්ලක් හට ගැනීමේ දැඩි අවදානමක් හටගෙන ඇති බවට ඇමරිකානු වෛරස් විශේෂඥයෝ අනතුරු අඟවා තිබේ.

 මෙම ඒ – 2 නමැති ඔමික්‍රෝන් අනුප‍්‍රභේදය ඔමික්‍රෝන් වෛරස් ප‍්‍රභේදයට වඩා සියයට 30ක වැඩි වේගයකින් පැතිර යන බව හෙළි වී ඇති අතර එම අනුප‍්‍රභේදය මේ වන විට වේගයෙන් දකුණු අප‍්‍රිකාවෙන් මතු වූ ඔමික්‍රෝන් ප‍්‍රභේදය අභිබවමින් පැතිර යෑම නිසා ඉදිරියේදී ඇමරිකා එක්සත් ජනපදයේ දෙවැනි ඔමික්‍රෝන් වසංගත රැුල්ලක් හට ගැනීමේ අවදානමක් ඇති බව ඇමරිකාවේ මහජන සෞඛ්‍ය පිළිබඳ යේල් විශ්වවිද්‍යාලයේ වසංගත රෝග පිළිබඳ සහකාර මහාචාර්ය නේතන් ගෘබෝ පවසයි. ඩෙන්මාර්කයේද දෙවැනි ඔමික්‍රෝන් වසංගත රැල්ලක් හට ගැනීමට මුල් වූයේ මෙම ඒ – 2 අනුප‍්‍රභේදයයි. ඇමරිකානු රෝග පාලනය හා නිවාරණය පිළිබඳ මධ්‍යස්ථානයට අනුව මේ වන විට ඒ – 2 අනුප‍්‍රභේදය රටේ දෛනිකව වාර්තා වන කොරෝනා ආසදිතයන්ගෙන් සියයට 3.9කට ආසාදනය වී ඇති අතර එම ප‍්‍රතිශතය ක‍්‍රමයෙන් ඉහළ යමින් පවතී. ඔමික්‍රෝන් වසංගත රැුල්ල දැනට ඇමරිකාවෙන් පහව යන බව පැවසුනද තවමත් එරටින් දිනකට ඔමික්‍රෝන් ආසාදිතයන් ලක්ෂයකට අධික සංඛ්‍යාවක් හා කොරෝනා මරණ 2000කට අධික සංඛ්‍යාවක් වාර්තා වන බව සෞඛ්‍ය විශේෂඥයෝ පවසති. මේ අතර එංගලන්තය හා ඔස්ටේ‍්‍රලියාව සිය දෛනික කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව වැඩි වුවද සියලූ කොරෝනා මර්දන නීතිරීති ඉවත් කරමින් කොරෝනා වෛරසය සමග ජීවත් වීමට තීරණය කර ඇති බව එම රටවල රජයන් විසින් නිවේදනය කර තිබේ.

 සංස්කරණයඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment