ඇමරිකාවේ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය පුපුරුවන්න ශ්‍රී ලංකා කෝටිපතියන් තිදෙනෙක් උදව් කරලා

1101

ඇමරිකාවේ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය ඇතුළු ස්ථාන කීපයකට ත්‍රස්ත ප්‍රහාර එල්ල කළ අල්කයිඩා සංවිධානයට පිපිරවීම් සඳහා වූ තාක්‍ෂණික සහාය මෙන්ම අරමුදල් සැපවූයේ ශ්‍රී ලංකාවේ කෝටිපති ව්‍යාපාරිකයන් තිදෙනකු බව ඇමරිකානු එෆ් බී අයි පොලිසිය ප්‍රථමවරට සොයාගෙන ඇත.

මෙම තිදෙනාගෙන් එක් අයෙකු වන අහමඩ් තාලිබ් ඕස්ටේ්‍රලියානු ෆෙඩරල් පොලිසිය අත්අඩංගුවට ගෙන ඇති අතර බේරුවල චීන කොටුවේ පදිංචි නිශාර් හාරිස් පැනගොස් තිබේ. මේ තිදෙනා මැණික් ව්‍යාපාරිකයන්ය. ඥතීන් වූ මොවුන්ගෙන් තුර්කියේ පදිංචි ව්‍යාපාරිකයාද අතුරුදන්වී ඇත. ඇමරිකානු ත්‍රස්තමර්දන බුද්ධි ඒකකයේ ප්‍රධානි බ්‍රයන් නෙල්සන් මේ බව හෙළිකර ඇත. ශ්‍රී ලාංකික කෝටිපති ව්‍යාපාරිකයන් තිදෙනකු අල්කයිඩා සංවිධානයට අරමුදල් සපයන්නන් බවට හෙළිවූයේ මුල්වරටය. මොවුන්ගෙන් අහමඩ් තාලිබ් පාස්කු ප්‍රහාරයටද සම්බන්ධ බව හෙළිවී තිබුණි. අහමඩ් තාලිබ්ගේ පුත්‍රයාද ඕස්ටේ්‍රලියානු පොලිස් අත්අඩංගුවේ පසුවේ.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment