ඇමරිකාව අවුරුදු 5-11 වයස් කාණ්ඩයට කොරෝනා එන්නත්කරණය අනුමත කරයි

202

ඇමරිකා එක්සත් ජනපදය විසින් වයස අවුරුදු 5-11 වයස් කාණ්ඩයේ ළමුන් සඳහා ෆයිසර් කොරෝනා මර්දන එන්නත ලබා දීමට අනුමැතිය ලබා දී තිබේ.

අදාළ වයස් කාණ්ඩයේ ළමුන් සඳහා ෆයිසර් එන්නත ලබා දීමේ හැකියාව පිළිබඳව ඇමරිකානු ඖෂධ නියාමන අංශ විසින් සිදු කරන ලද පරීක්ෂණ ප‍්‍රතිපල පිළිබඳව විමසීමෙන් පසු මෙම අනුමැතිය ලබා දීමට ඇමරිකානු රෝග පාලනය හා නිවාරණය පිළිබඳ මධ්‍යස්ථානය විසින් පියවර ගෙන තිබේ.

මේ අනුව වයස අවුරුදු 5-11 අතර වයස් කාණ්ඩයේ පසුවන ඇමරිකානු ළමුන් මිලියන 28ක් දෙනා හට ෆයිසර් කොරෝනා මර්දන එන්නත ලබා දීමට ඉදිරියේදී කටයුතු සිදු කෙරෙන බව ඇමරිකානු සෞඛ්‍ය බලධාරීන් විසින් ප‍්‍රකාශ කර තිබේ. කෙසේ වුවද අදාළ වයස් කාණ්ඩයේ ළමුන් සඳහා ලබා දෙනුයේ වැඩිහිටියන්ට ලබා දෙන එන්නත් මාත‍්‍රාවෙන් තුනෙන් එකක් වැනි සුළු ප‍්‍රමාණයක් බව ද බලධාරීන් විසින් අනාවරණය කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment