ඇමරිකාව භීතියෙන් සලිත වෙයි  – අවිගත් සහාසිකයා ටෙක්සාස් පාසලේ ළමුන්  19ක් ඇතුළු 21ක් ඝාතනය කරයි

699

* ළමුන්ට ප්‍රහාරයක් එල්ල කරන බව සාහසිකයා සමාජ වෙබ් අඩවියක සඳහන් කර තිබුණා

* වෙඩි නොවදින ඇඳුමක් ඇඳ සිටි රාමොස් සිය මෝටර් රිය පාසලේ ගේට්ටුවේ හප්පා පාසලට කඩා වැදී තිබේ

ඇමරිකාව භීතියෙන් සලිත වෙයි  - අවිගත් සහාසිකයා ටෙක්සාස් පාසලේ ළමුන්  19ක් ඇතුළු 21ක් ඝාතනය කරයි
සහාසික රාමොස්


* වෙඩි තැබීම සවනය වූ දේශ සීමා මුර සේවාවේ භටයෙක් විගස පාසලට පැමිණ රාමොස්ට වෙඩි තබා මරාදමා ඇත

* මෙම වෙඩි තැබීමේදී ඇනවේලි ගුඩ්ලුසේ නමැති 10 හැවිරිදි සිසුවිය අතුරුදන් වී ඇත

* මෙම වෙඩි තැබීම සිදු වූ රොබි ප්‍රාථමික පාසලේ සිසුන් 600ක් අධ්‍යාපනය ලබති

* ඔහු සිය උපන්දිනයේ දී හමුදා අවි දෙකක් මිලයට ගෙන ඇතැයි පරීක්‍ෂණවලින් හෙළි වී තිබුණි

* පාසලට කඩා වැදීමට පෙර ඔහු තම මිත්තනියටද  වෙඩි තබා මරාදමා තිබේ


ඇමරිකාවේ ටෙක්සාස් හී ප්‍රාථමික පාසලකට කඩා වැදුණු අවිගත් සහාසිකයෙක් පංති කාමරයක් පාසා යමින් සිදු කළ වෙඩි තැබීමෙන් පාසල් ළමුන් 19ක් ඇතුළු 21 මරණයට පත්වීමෙන් මුළු ඇමරිකාවම භීතියට පත් වී ඇත’ මෙම වෙඩිතැබීම සිදු වූයේ උවල්ඩේ නගරයේ පිහිටි රොබ් ප්‍රාථමික පාසලේදීය’

මෙකී බිහිසුණු අපරාධය සිදු කළ සාහාසිකයා සැල්වදෝර් රාමොස් නැමැත්තෙකි’ මරුමුවට පත් වූවන් අතර ගුරුවරියක් සහ තවත් වැඩිහිටියන් දෙදෙනෙකු ද වේ’

වෙඩි නොවදින ඇඳුමක් ඇඳ සිටි රාමොස් සිය මෝටර් රිය පාසලේ ගේට්ටුවේ හප්පා පාසලට කඩා වැදී තිබේ’ වෙඩි තැබීම සවනය වූ දේශ සීමා මුර සේවාවේ භටයෙක් විගස පාසලට පැමිණ රාමොස්ට වෙඩි තබා මරාදමා ඇත’

ඇමරිකාව භීතියෙන් සලිත වෙයි  - අවිගත් සහාසිකයා ටෙක්සාස් පාසලේ ළමුන්  19ක් ඇතුළු 21ක් ඝාතනය කරයි

පාසලට කඩා වැදීමට පෙර ඔහු තම මිත්තනියටද වෙඩි තබා මරාදමා තිබේ’

ඔහු සිය උපන්දිනයේ දී හමුදා අවි දෙකක් මිලයට ගෙන ඇතැයි පරීක්‍ෂණවලින් හෙළි වී තිබුණි’

වෙඩි තැබීමේ සිද්ධිය වූ ස්ථානයේ සිට කිලෝමීටර් 135ක් දුර පිහිටි සැන්ට් ඇන්ටෝනියෝ නගරයේ පදිංචිව සිටි රාමොස් මෙම බිහිසුණු අපරාධය සිදු කළේ මන්ද යැයි අනාවරණය වී නැත’

පාසල් ළමුන් ඝාතනය කිරීමට පෙර ඔහු තමා මිලයට ගත් අවි ඉන්ස්ටර්ග්‍රෑම් අඩවියේ ප්‍රදර්ශනය කර තිබේ’ මේ අතර රාමොස් පාසලේ අනිකුත් සිසුන් ඝාතනය කිරීමට පෙර එම ස්ථානයට පැමිණ සහාසිකයා නිහඬ කළ දේශසීමා ආරක්‍ෂක භටයා ජනතාවගේ ඇගයීමට ලක්වී ඇත’

මෙම වෙඩි තැබීමේදී ඇනවේලි ගුඩ්ලුසේ නමැති 10 හැවිරිදි සිසුවිය අතුරුදන් වී ඇත’ 2012 වසරේදී කන්ටිනිකට් පාසලේ සිදුවූ වෙඩි තැබීමෙන් පාසල් ළමුන් 20ක් සහ කාර්ය මණ්ඩලයේ හයක්ද ඝාතනය විය’ ටෙක්සාස් පාසලේ සිදු වූ වෙඩි තැබීමේදී ඊ’ වී’ ගුරුවරියද මරුමුවට පත්වී ඇත’ ඇය එම පාසලේ වසර 17ක් සේවය කර තිබේ’ මෙම වෙඩි තැබීම සිදු වූ රොබි ප්‍රාථමික පාසලේ සිසුන් 600ක් අධ්‍යාපනය ලබති’

මේ අතර කන්ටිනිකට් උත්තර මන්ත්‍රී ක්‍රිස් මර්ෆි සෙනෙට් සභාව හමුවේ වේගවත් කතාවක් කරමින් දැන්වත් අවි ආයුධ පාලන නීතිරීති පැනවීමට ක්‍රියාකරන ලෙස ඉල්ලා ඇත’

ඇමරිකාවේ අවි ආයුධ පාලන නීති ගැන සැලකීමත් නොදැක්වීම නිසා පසුගිය වසරේදී 103ක් මරුමුවට පත් වී ඇත’ 2020 සහ 2021 අතර සමයේදී අවි ආයුධ භාවිතා කර වෙඩි තැබීමේ සිදුවීම් විශාල සංඛ්‍යාවක් සිදු වී තිබේ’ එවැනි වෙඩි තැබීම් 30ක් වාර්තා වී ඇත’ පසුගිය වසරට වඩා එය සියයට 52’5ක වැඩිවීමකි’

සංස්කරණය – කීර්ති වර්ණකුලසුරිය

advertistmentadvertistment
advertistmentadvertistment