ඇමරිකාව රුසියානු සමාගම් දෙකක් අසාදු ලේඛනගත කරයි

239

ඇමරිකානු මුදල් දෙපාර්තමේන්තුව විසින් රුසියානු දියමන්ති කණින සමාගමක් හා නැව් ඉදි කරන දැවැන්ත සමාගම් දෙකක් අසාදු ලේඛනගත (බ්ලැක් ලිස්ට්) කර තිබේ. රුසියාව විසින් යුක්රේනය ආක‍්‍රමණය කිරීමට එරෙහිව ඇමරිකාව විසින් රුසියාවට එරෙහිව පනවමින් සිටින සම්බාධක යටතේ අදාළ සමාගම් අසාදු ලේඛනගත කර ඇති බව ඇමරිකානු මුදල් දෙපාර්තමේන්තුව පවසයි.

මේ අනුව අසාදු ලේඛනගත කර ඇති රුසියානු රජයට අයත් අල්රෝසා ඩයමන්ඞ් හා යුනයිටඞ් ෂිප් බිල්ඩින් යන සමාගම්වලට ඇමරිකානු මූල්‍ය පද්ධතියට ඇතුළු වීම තහනම් කර තිබේ. අල්රෝසා ඩයමන්ඞ් යනු ලොව ඇති විශාලතම දියමන්ති කැණීම් සමාගම වන අතර යුනයිටඞ් ෂිප් බිල්ඩින් සමාගම රුසියානු යුද නෞකා ප‍්‍රධාන වශයෙන් තනන සමාගමයි. මේ අතර බෙල්ජියමේ බ‍්‍රසල්ස් නගරයේ පැවැත්වෙන නේටෝ සංවිධානයේ විදෙස් ඇමැතිවරුන්ගේ සමුළුවට සහභාගී වී සිටින යුක්රේන විදෙස් ඇමැතිවරයා ඉල්ලා ඇත්තේ රුසියානු හමුදාවන්ට එරෙහිව සටන් වැදීම සඳහා යුක්රේනයට අවි ආයුධ දින කිහිපයකින් ලබා දෙන ලෙසයි.

advertistmentadvertistment
advertistmentadvertistment