ඇමරිකා යුද නැව හරස් කරමින් චීන යුද නැවක් යයි

1632

තායිවාන් සමුද්‍ර සන්ධියේ යාත්‍රා කරමින් තිබූ ඇමරිකා එක්සත් ජනපදයට අයත් ප්‍රබල යුද නෞකාවක මාර්ගය හරහා චීන යුද නෞකාවක් අනාරක්‍ෂිත අයුරින් ගමන් කර ඇතැයි රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.

ඇමරිකා නාවික හමුදාව මගින් නිකුත් කර ඇති අදාළ සිදුවීම දැක්වෙන වීඩියෝපටයක් ද සමගින් රොයිටර් පුවත් සේවය එය වාර්තා කර ඇත.

ඇමරිකා – චීන සබඳතා පිරිහී තිබෙන තත්ත්වය තුළ මෙය සිදුව ඇති අතර ඇමරිකානු යුද නෞකාවට මීටර් 137 ක් පමණ සමීපයෙන් චීන යුද නෞකාව මඟ හරහා ගමන් කර තිබේ.

මෙහිදී නාවික ගමනාගමනයේ නිදහසට බාධා කිරීමට දරන උත්සාහය සම්බන්ධයෙන් ඇමරිකානු නෞකාව මගින් ගුවන් විදුලි පණිවුඩයක් හරහා චීන නෞකාවට අනතුරු ඇඟවීමක් ද කර ඇත.
සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment