ඇමැතිකම් එපා: රට ගොඩගන්න සහාය දෙනවා – පක්‍ෂ 10 කණ්ඩායම කියයි

226

ඇමැති ධුර භාර නොගෙන රට ගොඩනැඟීමට ආණ්ඩුවට සහාය දීමට ස්වාධීන වූ පක්‍ෂ 10 කණ්ඩායම තීරණය කළ බව පිවිතුරු හෙළ උරුමයේ නායක හිටපු ඇමැති උදය ගම්මන්පිල මහතා පැවසීය.

අග්‍රාමාත්‍ය කාර්යාලයේදී ඊයේ (16 දා) පෙරවරුවේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමග පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ පක්‍ෂ 10 යේ නියෝජිතයෝ විශේෂ සාකච්ඡාවක් පැවැත්වූහ.

රට වැටී තිබෙන අගාධයෙන් ගොඩ ගැනීමට සාමූහිකව කටයුතු කළ යුතු බවට අගමැතිවරයා පක්‍ෂ නායකයන්ගෙන් ඉල්ලා සිටියා. මේ ප්‍රශ්නවලින් රට ගොඩගැනීම සඳහා සර්වපාක්‍ෂික අන්තර් පාලනයක් පිහිටුවන ලෙස මුලින්ම අප්‍රේල් මස 8 වැනිදා ජනපතිට යෝජනා කළේ අපියි. ඉදිරියේදී පාර්ලිමේන්තුවේ පක්‍ෂ නායකයන්ගෙන් සමන්විත ජාතික සභාවක් හදන්න බලාපොරොත්තු වන බව අගමැතිතුමා කිව්වා.

ඒ වගේම පාර්ලිමේන්තුවේ ආංශික කමිටු 10 ක් හා මුදල් කමිටු 5 ක් පිහිටුවා ඇමැති ධුර භාර නොගන්නා පක්‍ෂවල නායකයන්ව ඒ කමිටුවල සභාපති තනතුරු ලබාදී සියලු පක්‍ෂ රාජ්‍ය පාලනයට එක්කර ගන්නා බවද අගමැතිවරයා සඳහන් කළා.

අපි ඇමැති ධුර භාර නොගෙන අවංකව හා සාධාරණව කටයුතු කරන තාක් කල් රට ගොඩනැඟීමට ආණ්ඩුවට සහාය දෙනවා.

ඒ වගේම රටේ තත්ත්වය සමාලෝචනය කර ලබන දෙසැම්බර් මාසය දක්වා වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ළඟදීම අයවැයක් ගෙන එන බව අගමැතිවරයා සඳහන් කළා.

21 වන ව්‍යවස්ථා සංශෝධනය කඩිනමින් ඉදිරිපත් කරන බවත් ඒ සඳහා අපි ගෙන ආ යෝජනාවද අධ්‍යයනය කරන බවත් අගමැතිවරයා ප්‍රකාශ කළා යැයි උදය ගම්මන්පිල මහතා කියා සිටියේය.

රනිල් ධර්මසේන

 

advertistmentadvertistment
advertistmentadvertistment